පළාත් සභා ඡන්දය ගැන අද කැබිනට්ටුවේ තීරණයක් !

පළාත් සභා ඡන්දය පැවැත්වීම පිළිබඳව අද දින (14)  කැබිනට් මණ්ඩල රැස්වීමේදී සාකච්ඡාවට ගනු ඇති බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි. මේ වනවිට දීර්ඝ කාලයක් කල් ගත වී ඇති පළාත් සභා මැතිවරණය පැවැත්වීම පිළිබඳව පසුගියදා අගමැති මහින්ද රාජක්ෂ  මැතිවරණ කොමිසමේ නව සාමාජිකයන් සමඟ ද සාකච්ඡා කළ අතර එහිදී මේ පිළිබඳව අමාත්‍ය මණ්ඩලය අද පැවත්වෙන කැබිනට් මණ්ඩලය දැනුවත් කරන බවට සඳහන් කර ඇති බව එම ආරංචි මාර්ග සඳහන් කරයි.

මේ අනුව පළාත් සභා මැතිවරණය නව ක්‍රමයට පැවත්වීම සඳහා අදාළ නෛතික පියවර සම්පූර්ණ කිරීමට කාලයක් ගත වන බැවන් එය පැරණි ක්‍රමයටම පැවැත්වීම සම්බන්ධයෙන් අද දිනයේ අමාත්‍ය මණ්ඩල සාකච්ඡාවේදී සාකච්ඡාවට ලක් වීමට ඉඩ ඇති බවද එම ආරංචි මාර්ග තවදුරටත් සඳහන් කළේය.

පළාත් සභා නවයෙහි නිල කාලය වරින් වර අවසන් වූ අතර මේ පළාත් සභා කල් ඉකුත් වී දැනට වසර දෙකකට ආසන්න කාලයක් ගත වී තිබේ. පසුගිය රජය මෙම පළාත් සභා සියල්ල කල් ඉකුත් වූ පසුව මැතිවරණය පවත්වන බවට ප්‍රකාශ කළ අතර අවසන් වරට කල් ඉකුත් වූයේ ඌව පළාත් සභාවයි. එසේ වුවද පළාත් සභා මැතිරණය පැවැත්වීමට කටයුතු නොයෙදුණු අතර මේ පිළිබඳ  නව මැතිවරණ  කොමිසම ස්ථාපනය කිරීමෙන් පසුව අගමැතිවරයාගේ අවධානයට යොමු විය.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


පසුගියදා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ  සහ මැතිවරණ කොමිසමේ සභාපතිවරයා ඇතුළු නියෝජිතයන් අතර සිදුවූ සාකච්ඡාවේදී ද අවධානයට ලක් වූයේ මෙම මැතිවරණය පැරණි ක්‍රමයට පැවැත්වීමට අදාළ කටයුතු යදීම පිළිබඳව බව ලංකාසරට කරුණු අනාවරණය කළ ආරංචි මාර්ග ප්‍රකාශ කළේය.

Exit mobile version