පළමු පාර්ලිමේන්තු සැසි වාරයේ දීමට පොහොට්ටුව අගමැතිට පිටින් යයි!

පාර්ලිමේන්තුවේ  ස්වාධීන විපක්ෂ සියලු කණ්ඩායම් අගමැති යෝජනාවට එකඟත්වය පල කරද්දී  නියෝජ්‍ය කථානායකට ඡන්දයක්...

parliament of sri lanka

පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කථානායක ධුරය සඳහා කාන්තාවක් පත් කිරීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ  මුලින් සියලු පක්ෂ සමඟ ඇති කරගත් එකඟතාව කඩ කරමින්, නියෝජ්‍ය කථානායක ධුරය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීනි රෝහිණී කවිරත්න   ඉදිරිපත් කළ අවස්ථාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සිය පක්ෂයෙන් අජිත් රාජපක්ෂ මන්ත්‍රීවරයාගේ නම ද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.

මේ නිසා නියෝජ්‍ය කථානායක ධුරය තේරීම සඳහා සභාගැබේ ඡන්දයක් පැවැත්වීමේ අවශ්‍යතාවයක් මතුව තිබේ.

අද උදෑසන මූලික කටයුතුවලදී නියෝජ්‍ය කථානයක පත් කිරීමට කථානායක නම් යෝජනා කරන්න යැයි පැවසූ අවස්ථාවේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස රෝහිණී කවිරත්න මන්ත්‍රීවරියගේ නම යෝජනා කළ අතර  ආණ්ඩුවෙන් පොදුජන පෙරමුණේ සභාපති ජී එල් පීරිස්  විසින් අජිත් රාජපක්ෂ මන්ත්‍රීවරයා යෝජනා කළේය.

ඒ මොහොතේ නැඟි සිටි විමල් වීරවංශ මන්ත්‍රීවරයා අද දිනයේත් මෙම නියෝජ්‍ය කථානායක පත් කිරීමට ඡන්දයක් පවත්වමින් රුපියල් මිලියනයක් හා කාලය වැය කිරීම නිශ්ඵල දෙයක් බවත් වහාම ඡන්දයකට නොගොස් පක්ෂ නායකවරුන්ගේ එකඟතාවයෙන් එක් අයෙකු පත් කර ගත යුතු බවත් ප්‍රකාශ කළේය. එසේ නැතහොත් තමන් මෙම ඡන්දය වර්ජනය කරන බව ද ඔහු පැවසීය.


එහිදී නිමල් ලංසා මන්ත්‍රීවරයා ද පැසුවේ මේ වන විට මිලියන 22 ක ජනතාව පාර්ලිමේන්තුවට දෝෂාරෝපණය කරන පසුබිමක මෙවැනි ඡන්ද විමසීම් අනවශ්‍ය බවයි.

මෙහිදී මන්ත්‍රීවරුන් ගණනාවක් අදහස් පළ කළ අතර පාර්ලිමේන්තු මන්ත්‍රීනි වෛද්‍ය සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ ද අදහස් පළ කළාය. පාර්ලිමේන්තුව නියෝජනය කරන කාන්තාවන්  දොළොස්දෙනා අතරින් කාන්තාවක් නියෝජ්‍ය කථානායක ධුරයට සුදුසු බවට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ  මුලින් අදහස් ප්‍රකාශ කිරීම සඳහා සියලු මන්ත්‍රීවරියන් වෙනුවෙන් ඇය අග්‍රාමාත්‍යවරයා ස්තූතිය පළ කළාය.

එහිදී ලක්ෂ්මන් කිරිඇල්ල, නලීන් බණ්ඩාර, චමින්ද විජේසිරි යන මන්ත්‍රීවරුන් ද අග්‍රාමාත්‍යවරයා නියෝජ්‍ය කථානායක ධුරයට කාන්තාවක් සුදුසු බව පවසා ඇති නිසා ඒ අනුව කටයුතු කරන ලෙස ඉල්ලා සිටියහ.

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ද ප්‍රකාශ කළේ මෙම නිශ්ඵල ඡන්ද විමසීමක් දක්වා ගියහොත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කණ්ඩායම එම ඡන්දය කටු ගා දමන බවයි.

කෙසේ වුවද කථානායක මහින්ද යාපා අබේවර්ධන මේ පිළිබඳ සාකච්ඡා කිරීමට පක්ෂ නායකයින් එකඟදැයි විමසූ අතර ඒ පිළිබඳ එකඟත්වයක් පළ නොවූයෙන් යෝජනා කරන ලද නම් අතරින් එක් අයෙකු ඉල්ලා අස් නොවෙන්නේ නම් සුළු මොහොතකින් ඡන්දය විමසන බව ප්‍රකාශ කළේය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ඒ අනුව කිසිවෙකු ඉල්ලා අස්නොවූයේන ඡන්දය විමසීමට තීරණය විය. මේ වන විට ඡන්ද විමසීම සභා ගැබ තුළ පැවැත්වේ.

Exit mobile version