පළමුව රුවන් – දෙවනුව රනිල් සමග සාගල – තෙවනුව මෛත්‍රී

පාස්කු ප්‍රහාර ජනාධිපති කොමිසමේ පොලිස් ඒකකයට කැඳවයි

පාස්කු ප්‍රහාරය පිළිබඳ ඒ වනවිට රටේ ආරක්ෂාව සම්බන්ධයෙන් කටයුතු කළ දේශපාලන අධිකාරියට සම්බන්ධ ප්‍රධාන පුද්ගලයන් සිවුදෙනාගෙන් හෙට සිට ප්‍රශ්න කිරීම ආරම්භ කිරීමට නියමිතය.

ඒ අනුව හෙට (18  හිටපු ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන  පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශන කෙරෙන කොමිසමේ පොලිස් ඒකකය වෙත කැඳවා ඇති අතර ඔහුගෙන් එම ප්‍රකාශ ලබාගැනීමට නියමිතය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ඊට අමතරව හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ  සහ නීතිය හා සාමය පිළිබඳ හිටපු අමාත්‍ය සාගල රත්නායක යන දෙදෙනාගෙන් 21 වැනිදා කොමිසමේ පොලිස් විමර්ශන අංශය හමුවේ ප්‍රකාශ ලබාදීම සඳහා කැඳවා ඇති අතර අවසන් වශයෙන් හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන  ලබන 26 වැනිදා මෙම කොමිසම හමුවට කැඳවා ඇත.


Exit mobile version