පහළොස් දෙනෙකුට මරු කැඳවූ රුසියානු ගුවන්යානා අනතුර….

අමායා උඩුවැරැල්ල

රුසියානු හමුදා ප්‍රවාහන ගුවන් යානයක් මොස්කව් නුවරට ඊසාන දෙසින් පිහිටි ඉවානෝවෝ ප්‍රදේශයේදී ගිනිගැනීමට ලක්ව කඩා වැටී ඇති බව රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය අද නිකුත් කල ප්‍රකාශයක සඳහන් වනවා.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මොස්කව් වේලාවෙන් අද පස්වරු 1.00 ට පමණ මෙම IL-76 හමුදා ප්‍රවාහන ගුවන් යානය ඉවනෝවා ප්‍රදේශයේ නියමිත ගුවන් ගමනක් සඳහා ගුවන්ගත වීමේදී මෙලෙස අනතුරට පත්ව තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කරන ලෙස අනතුරට හේතුව යානය ගුවන්ගත කිරීමේදී එක් එන්ජිමක ඇති වූ ගින්නකි. අනතුරට පත්වන අවස්ථාවේ ගුවන් යානය තුල කාර්ය මණ්ඩලයේ අට දෙනෙකු සහ මගීන් හත් දෙනෙකු සිට තිබෙන අතර ඔවුන් සියලු දෙනාම මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා වල සඳහන්.


Exit mobile version