පසුගිය සති දෙක තුළ කරාපිටියේ පමණක් කොවිඩ් මරණ 22ක්…

 ලලිත් චාමින්ද –

 ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරි කාර්යාලය මගින් පසුගිය සති දෙකක කාලය තුල කොවිඩ් ආසාදිත මෘත දේහයන් 22 කගේ පශ්චාත් මරණ පරික්ෂණ සිදුකොට ඇති බැව් කරාපිටිය ශික්ෂණ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරි රුවන් නානායක්කාර මහතා පවසයි.

 අප්‍රේල් මස 25 වැනිදා සිට මැයිමස 08 වැනිදින දක්වා  කාලය තුල කොවිඩ් ආසාදිත මෘත දේහයන් 22කගේ පශ්චාත් මරණ පරික්ෂණ සිදුකොට ඇති බවද හෙතෙම පවසයි. මින් 21 දෙනෙකුගේම මරණයට හේතුවි ඇත්තේ කොවිඩ් නිව්මෝනියා  හා කොවිඩ් ආසාදනය විමෙන් ඇතිවු සංකුලතා නිසා බවද විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා පවසයි.  කොවිඩ් ආසාදිත මින් එක් අයෙකු ළිදේ වැටි  දියේ ගිලිමෙන් මියගොස් තිබුණි. මියගිය අය අතර කාන්තාවන් 11 දෙනෙකු හ පිරිම් අය 11 දෙනෙකු සිටින බවද විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරි රුවන් නානායක්කාර මහතා පවසයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


කොරෝනා රැල්ල ආරම්භයේ සිට  ඉකුත් 08 වැනිදින දක්වා කාලය තුලදි  කරාපිටිය ශික්ෂණ  රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරි කාර්යාලය මගින් කොවිඩ් ආසාදිත මෘත දේහයන් 54 දෙනෙකුගේ පශ්චාත් මරණ පරික්ෂණ සිදුකොට ඇති බවද විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා වැඩිදුරටත් සදහන් කළේය.


Exit mobile version