පසුගිය වසරේ වයඹ පමණක් සති දෙකකට වරක් අලියෙක් මරලා….

අලි මරණ 26යි... මිනිස් මරණ 11යි....

වයඹ වනජීවී කලාපය තුළ 2020 වසරේදී පමණක් වල් අලි මරණ 26 ක් හා මිනිස් මරණ 11ක් සිදුව ඇතැයි වයඹ වනජීවී නිලධාරීහු ලංකාසර ට පැවසූහ .

වයඹ වනජීවී කලාපයට අනුරාධපුර දිස්ත්‍රික්කයේ කැකිරාව ,පලාගල,හා ඉපලෝගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 3ත්, කුරුණෑගල දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 30ක්, සහ මාතලේ ගලේවෙල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයත් අයත් වෙයි.

2020 වසරේ දී මහව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ මිනිස් මරණ 2ක්, කොටවෙහෙර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ මිනිස් මරණ 3ක් ,
ගල්ගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ මිනිස් මරණ 6ක් වශයෙන් මිනිස් මරණ 11ක් සිදුව ඇත.


ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින් අලි මරණ 26 සිදුව ඇත්තේ මෙසේය .අඹන්පොල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයෙන් අලි මරණ 2ක්, පොල්පිතිගම ,ගලේවෙල , ගිරිබාව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලින් 1 අලි මරණ ය බැගින් අලි මරණ 3ක්, පලාගලින් 3ක්, කැකිරාවෙන් 4ක්, මහවින් 4ක් , ඇහැටුවැව හා ගල්ගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලින් 5 බැගින් 10ක් වශයෙනි.

ගත වූ වසර 5 තුළ අලි මිනිස් ගැටුමෙන් වයඹ වනජීවී කලාපය තුළ මිනිස් මරණ 45ක් හා වල් අලි මරණ 93 ක් සිදුව ඇත.

ඒ 2016 දී මිනිස් මරණ 6ක්, 2017 දී මිනිස් මරණ 6ක් සහ 2018, 2019, 2020 වසරවල මිනිස් මරණ 11 බැගින් 33ක් වශයෙනි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


2016 දී වල් අලි මරණ 10ක්, 2017දී 15ක්, 2018 දී 18ක්, 2019දී 24ක්, 2020දී 26 ක් වශයෙනි.

Exit mobile version