පසුගිය වසරේ අවසන් මාස 06 තුළ රටේ සියලුම රාජ්‍ය ආයතනවල  ජල, විදුලි,ඉන්ධන, දුරකථන වැය පිළිබඳ වාර්තාවක් කැඳවයි!

සියලුම රාජ්‍ය ආයතනවල සහ දෙපාර්තමේන්තුවල  පසුගිය වසරේ ජුනි 30 වන දින සිට දෙසැම්බර් 31 වන දින දක්වා මාස 06ක කාලය  තුළ  මාසිකව වැය වී ඇති ජලය විදුලිය ඉන්ධන සහ දුරකථන ඒකක ගණන පිළිබඳ දත්ත වාර්තාවක්  කැඳවීමට රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශය තීරණය කර තිබේ..

මෙම දත්ත ලබාගැනීම සිදුකරනු ලබන්නේ  ජාතික බලශක්ති විභවයන්, ක්‍රම උපායන් සහ මාර්ග සිතියම පිළිබඳ අමාත්‍ය මණ්ඩල අනුකමිටුවේ නිර්දේශ ක්‍රියාත්මක කිරීමේ අරමුණින් බව වාර්තා වේ.

අදාල  දත්ත ලබාදෙන ලෙස සියලුම ආයතන ප්‍රධානීන් වෙත රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය විසින් චක්‍රලේඛයක් නිකුත් කරමින් මේ වනවිට දැනුම් දී තිබේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මීට අමතරව මේ වසරේ ඉදිරි මාස 06 සඳහා බලශක්ති ක්ෂේත්‍රයට අදාළව ක්‍රියාත්මක කිරීමට හඳුනාගත් කාර්යයන් පිළිබඳව තොරතුරු ද ලබාදෙන ලෙස අමාත්‍යාංශ ඇතුළු රාජ්‍ය ආයතනවලට රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය දැනුම් දී ඇති බව වාර්තා වේ.


Exit mobile version