පසුගිය දින 10ට ඩෙංගු රෝගීන් 900ක්

සැප්තැම්බර් මාසයේ ගතවූ දින 10ක කාලය තුළ පමණක් ‍ඩෙංගු රෝගීන් 900කට ආසන්න පිරිසක් හඳුනාගෙන ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය මාධ්‍ය හමුවක් අමතමින් කියා සිටියේය.

ඩෙංගු රෝගීන් වාර්තා වීමේ සැලකිය යුතු අඩුවීමක් දක්නට ලැබුණ ද පවතින වැසි තත්ත්වයත් සමග යළිත් මදුරු ගහනයේ වැඩිවීමක් අපේක්ෂා කළ හැකි බව එහි අධ්‍යක්‍ෂ විශේෂඥ වෛද්‍ය නලින් ආරියරත්න කියා සිටියේය.

ජාතික ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය නලින් ආරියරත්න මෙසේද කීවේය.

පසුගිය මාසයේ රෝගීන් 5,000කද මේ මාසයේ දින 10ක වැනි කාලයකදී රෝගීන් 900කට ආසන්න ප්‍රමාණයකුත් වාර්තා වී ඇති බවත් බස්නාහිර පළාතෙන් සමස්ත රෝගීන්ගෙන් 50%කට ආසන්න ප්‍රමාණයක් වාර්තා වන බවත් අධ්‍යක්ෂවරයා කියා සිටියේය. කෙසේවෙතත් පසුගිය වකවානුවට සාපේක්ෂව පසුගිය මාසයත් මේ මාසයත් දත්ත අනුව රෝගීන්ගේ සැලකිය යුතු අඩුවක් දක්නට ලැබෙන බවත් දෛනික රෝගීන්ගේ වාර්තා වීම ඉහළ මට්ටමක සිට පහළ මට්ටමකට පැමිණ ඇති බවත් තවදුරටත් කීවේය.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


දිනකට රෝගීන් 100ක් 125ක් වගේ වාර්තා වෙනවා. කෙසේ නමුත් දැනට වාර්තා වන ආකාරයට රට පුරා කඩින් කඩින් වැසි තත්ත්වයක් පවතිනවා. එම නිසා මේ ප්‍රදේශවල මදුරු ගහනය වැඩිවිය හැකි අවදානමක් තියෙනවා යැයිද අධ්‍යක්ෂවරයා තවදුරටත් කීවේය.

Exit mobile version