සෙනසුරාදා, ජූනි 27, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

“පස් වසරක මෙහෙයුම පුළුවන් ශ්‍රී ලංකා” – ජනපති රනිල් ප්‍රතිපත්ති ප්‍රකාශනය එළිදක්වයි!

by editor
අගෝස්තු 29, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත්ව සිටින ජනාධිපති රනිල් වික්‍රමසිංහ  කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේ දී “පස් වසරක මෙහෙයුම පුළුවන් ශ්‍රී ලංකා” ප්‍රතිපත්ති ප්‍රකාශය එළි දැක්වූයේය.

එම ප්‍රතිපත්ති ප්‍රකාශය ජනාධිපතිවරයා විසින් එළිදක්වන ලද්දේ https://www.ranil2024.lk යන වෙබ් අඩවිය හරහාය.
රාජ්‍ය සේවකයින්ට අති විශේෂ අවධානයක් ලබා දෙමින් පස් අවුරුදු සැලැස්මේ මෙම සැලැස්ම ඉදිරිපත් කර තිබීම විශේෂය.

2025 පාදක වසර ලෙස සලකා සියලුම රාජ්‍ය සේවකයින්ට ජීවන වියදම් දීමනාව මාසිකව රු 25,000ක් ගෙවීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිය ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහන් කර තිබේ.

එහි තවදුරටත් දක්වා ඇත්තේ රාජ්‍ය සේවයේ අවම ආරම්භක වැටුප 24%ක අවම ප්‍රතිශතයකින් වැඩිකර ජීවන වියදම් දීමනාව සමග දළ වැටුප රු 55,000ක් ලෙසත් අනිකුත් සියලුම තනතුරු සඳහා මුලික වැටුප ඒ අනුව ගලපන බව ද ජනාධිපතිවරයා සිය පස් අවුරුදු සැලැස්ම තුළින් එළිදක්වා ඇත.

*වයස අවුරුදු 40ට අඩු රාජ්‍ය සේවක සේවිකාවන්ට සේවා කාර්යක්ෂමතාව වැඩි දියුණු කරලීමට ඉවහල්වන පාඨමාලා හැදෑරීම සඳහා පඩි සහිත නිවාඩු ලබාදීම.

* රාජ්‍ය ප්‍රතිපත්ති හා පරිපාලන විශ්වවිද්‍යාලයක් ස්ථාපිත කිරීම.

RelatedPosts

කොළඹ – බදුල්ල ලංගම බසයක් දියතලාවේදී ප්‍රපාතයකට පෙරළෙයි: 42ක් රෝහලේ, දෙදෙනෙකුට බරපතළයි!

2026 T20 ලෝක කුසලානය: ස්කොට්ලන්තය පරදා ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ  විශිෂ්ට ජයක් වාර්තා කරති!

රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!

* කුසලතාව මත පදනම් වූ උසස් වීම් ක්‍රමවේදයක්.

* රාජ්‍ය සේවය කාර්යක්ෂම හා විධිමත් තලයකට ඔසවා තැබීමට ලැප්ටොප්, ටැබ්, ස්මාර්ට් දුරකථන රාජ්‍ය සේවකයින්ට සහන පදනමින් ලබාදීම.

*රජයේ නව නිවාස වැඩ පිළිවෙලේ දී නිවාස හිමිකම් නොමැති රාජ්‍ය සේවකයින්ට ප්‍රමුඛතාවය ලබාදීම.

*ආපදා ණය මුදල ඉහළ නැංවීමටත්, දේපළ හා නිවාස ණය යළි ලබාදීමටත් කටයුතු කරනවා.

* නිවසේ සිට රාජකාරී ඉටු කළ හැකි සේවාවවන් නිවසේ සිට ඉටු කිරීමට අවසර ලබාදෙනවා.

*නිශ්චිත හා විධිමත් ස්ථාන මාරු ක්‍රමයක් හඳුන්වා දීම.

*විශ්‍රාමිකයින්ගේ වැටුප් විෂමතා ඉවත් කිරීම.

*ජ්‍යෙෂ්ඨ පුරවැසියන් වෙනුවෙන් නවීන පහසුකම්වලින් යුතු ජ්‍යෙෂ්ඨ පුරවැසි රැකවරණ මධ්‍යස්ථාන රට පුරා ඉදි කිරීම.

* ජ්‍යෙෂ්ඨ පුරවැසියන් උදෙසා ජාතික ප්‍රතිපත්තිය 2025 වසරේ සංශෝධනය කිරීම.

* ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ සමාජ, සංස්කෘතික ජීවිතය පෝෂණය කිරීම සඳහා ප්‍රාදේශීය ලේකම් කාර්යාල සහ ප්‍රජා මණ්ඩල මඟින් විවිධ ක්‍රියාකාරකම් සංවිධානය කිරීම.

විශේෂ අවශ්‍යතා සහිත ප්‍රජාව වෙනුවෙන් ආබාධ සහිත තැනැත්තන් පිළිබඳ එක්සත් ජාතීන්ගේ සම්මුතියේ 4 වැනි ව්‍යවස්ථාව අනුව එවැනි තැනැත්තන්ගේ සියලු මානව අයිතිවාසිකම් හා මුලික නිදහස පූර්ණ වශයෙන් සහතික කිරීම සඳහා නව පනතක් 2025 දී පාර්ලිමේන්තුවට ගෙන ඒම, 

* සංඥා භාෂා පනත් කෙටුම්පත සම්මත කර ගැනීමටත්, විශේෂ අවශ්‍යතා ඇති තැනැත්තන් සඳහා ජාතික ප්‍රතිපත්තියක් සැකසීම.

*ඔවුන් සඳහා වූ ගොඩනැගිලි ප්‍රවේශ ප්‍රතිපත්තිය කාලානුරූපීව සංශෝධනය.

ලබන වසර තුළ නව රැකියා අවස්ථා 100,000ක් ලබාදීම ඇතුළු ආකාර්ශනීය ප්‍රතිලාභ රැසක් ලබා දීමට මෙම ප්‍රතිපත්ති මාලාවෙන් යෝජනා කර තිබේ..

එම ප්‍රතිපත්ති ප්‍රකාශනය පහත දැක්වෙන දිගුවෙන් බා ගත කර ගත හැකිය.

Download – https://drive.google.com/file/d/1_5y2SnOvTnLt8AiWId-nAPn71L3paWpp/view?usp=sharing

Tags: නවතම
Share69Tweet43
Previous Post

වව්නියාව හා මන්නාරම රෝහල්වල වෛද්‍යවරු 41 නියමිත සුදුසුකම් සපුරා නෑ… සමහර අය වෛද්‍ය සභාවේ ලියාපදිංචි වෙලත් නෑ…

Next Post

ක්ලබ් වසන්ත ඝාතනය… පොහොට්ටුවේ හිටපු නාගරික මන්ත්‍රී අමල් සිල්වා සැක පිට අත් අඩංගුවට…

Related Posts

පුවත්

කොළඹ – බදුල්ල ලංගම බසයක් දියතලාවේදී ප්‍රපාතයකට පෙරළෙයි: 42ක් රෝහලේ, දෙදෙනෙකුට බරපතළයි!

ජූනි 27, 2026
පුවත්

2026 T20 ලෝක කුසලානය: ස්කොට්ලන්තය පරදා ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ  විශිෂ්ට ජයක් වාර්තා කරති!

ජූනි 27, 2026
පුවත්

රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!

ජූනි 26, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

කොළඹ – බදුල්ල ලංගම බසයක් දියතලාවේදී ප්‍රපාතයකට පෙරළෙයි: 42ක් රෝහලේ, දෙදෙනෙකුට බරපතළයි!

ජූනි 27, 2026

2026 T20 ලෝක කුසලානය: ස්කොට්ලන්තය පරදා ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ  විශිෂ්ට ජයක් වාර්තා කරති!

ජූනි 27, 2026

රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!

ජූනි 26, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • විජේදාස රාජපක්ෂ… රට වඳ බැස්සවූ දේශපාලන ව්‍යාධියේ විසඝෝර කිණිතුල්ලා අනාවරණය වීම!

    172 shares
    Share 69 Tweet 43
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • කොළඹ – බදුල්ල ලංගම බසයක් දියතලාවේදී ප්‍රපාතයකට පෙරළෙයි: 42ක් රෝහලේ, දෙදෙනෙකුට බරපතළයි!
  • 2026 T20 ලෝක කුසලානය: ස්කොට්ලන්තය පරදා ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ  විශිෂ්ට ජයක් වාර්තා කරති!
  • රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.