පලතුරු සැපයුම්කරුවාගෙන් අල්ලස් ගත්තු පාර්ලිමේන්තු කැන්ටින් සේවකයා අල්ලයි

පාර්ලිමේන්තුවේ භෝජනාගාරයේ භාණ්ඩ භාරගැනීමේ නිලධාරියා රුපියල් 60,000 ක අල්ලස් මුදලක් ලබා ගනිද්දී අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අද පෙරවරුවේදී අත්අඩංගුවට ගෙන තිබේ.

පාර්ලිමේන්තුවට පලතුරු සපයන ව්‍යාපාරිකයෙකුගෙන් එම සැපයුම් අඛණ්ඩව කරගෙන යෑමට අවශ්‍ය පසුබිම සකස් කරදී කර දී මෙම නිලධාරියා මසකට රුපියල් 30,000 ක බැගින් දිගු කාලයක සිට ලබාගෙන ඇත.

පසුගිය මාර්තු ජුනි මාසවලට අදාල ගෙවිම සිදු කිරීමට ව්‍යාපාරිකයන්ට නොහැකි වී ඇති අතර එම මාස දෙකෙහි මුදල එකවර ලබාදෙන ලෙසත් එසේ නොමැති නම් පලතුරු සැපයීම සිදු කරගෙන යා නොහැකි වනු ඇති බවත් ඉහත නිලධාරියා ව්‍යාපාරිකයාට දිගින් දිගටම පවසා ඇති බව අල්ලස් කොමිසම අනාවරණය කරගෙන ඇතැයි එහි ප්‍රකාශකයෙක් ලංකාසරට පැවසීය.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ අනුව පාර්ලිමේන්තුවට පලතුර සැපයුම අඛණ්ඩව කරගෙන යාමට අවශ්‍ය සියලු කටයුතු තමා විසින් සිදුකර දෙන බවත් ඒ සඳහා මාර්තු හා ජුනි මාස දෙකෙහි තිස් දහස බැගින් වූ රුපියල් 60000 මුදල එකවර ලබා දෙන ලෙසත් එම නිලධාරියා සිදුකළ ඉල්ලීමට අනුව ව්‍යාපාරිකයා එම මුදල් රැගෙන කඩුවෙල බස් නැවතුම්පොළ අසලට ගොස් ලබා දෙන අවස්ථාවේදී මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේ.

Exit mobile version