පරිසර සභාවේ හදිසි රැස්වීම් සඳහා වන්නිලා ඇත්තන් මින් පසු සූම් තාක්ෂණයෙන්…

Wannila-Eththo

ආදිවාසී නායක වනස්පති ඌරුවරිගේ වන්නිලැත්තන්ට  පරිසර සභාවේ සාකච්ඡා හා හදිසි රැස්වීම් සඳහා ZOOM යෙදවුම මගින් ඒවාට සහභාගි වීමට අවස්ථාව සලසන ලෙස පරිසර ඇමති මහින්ද අමරවීර මධ්‍යම පරිසර අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් හේමන්ත ජයසිංහට උපදෙස් දී ඇත.

මධ්‍යම පරිසර අධිකාරි කාර්යාලයේ දී පැවැත්වෙන පරිසර සභාවේ මාසික රැස්වීම් හා හදිසි සාකච්ඡා සඳහා ආදිවාසී නායක වනස්පතී ඌරුවරිගේ වන්නියලැත්තන්ව දඹානේ සිට කොළඹට  නොගෙන්වීමේ අරමුණින් ඇමතිවරයා මෙම තීරණය ගෙන ඇත. 

ආදිවාසී නායක වනස්පතී ඌරුවරිගේ වන්නියලැත්තන්ව පරිසර සභාවේ සාමාජිකයෙක් වශයෙන් පත් කරන ලද්දේ ප්‍රථම වතාවට බවත් . මින් පෙර පරිසර සභාවේ සැසිවාර 13ක් පවත්වා ඇතත් ඒ එකදු අවස්ථාවක දී හෝ පරිසරයට ආදරය කරන එමෙන්ම  පරිසරය පිළිබඳ ඉහළ දැනුමක් ඇති ආදිවාසී නායක වනස්පතී ඌරුවරිගේ වන්නියලැත්තන්ව පත් කිරීමට  පියවර ගෙන නොතිබුණු බවත් ඇමතිවරයා සදහන් කරයි.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


,මෙතෙක් පරිසර සුරක්ෂිතභාවය උදෙසා කටයුතු  කළ යුතු ආකාරය පිළිබඳව තමන් සවන් දුන් හොඳම දේශනය ආදිවාසි නායක වන්නියලැත්තන් විසින්  පරිසර සභාවේ 14 වැනි සැසිවාරයේදී සිදු කරන ලද අරුත්බර දේශනය යැයි ද  අමාත්‍යවරයා සඳහන් කළේය. 

 

Exit mobile version