මනුෂ්‍ය පරිභෝජනයට නුසුදුසු ලුණු ටොන් සීයක් විකිණීමේ තැත වරදී

මාතර සම්පත් –

මීට වසර තුනකට පෙර පුද්ගලික ව්‍යාපාරිකයෙක් පුත්තලමෙන් හම්බන්තොටට රැගෙන විත් හම්බන්තොට ලේවාය අසල ගොඩ ගස තිබූ ලුණු තොගයක් ඊයෙ දින නැවත වෙනත් ව්‍යාපාරිකයෙකුට අලෙවි කිරීමට උත්සාහ කිරීමේ දී එය මනුෂ්‍ය පරිභෝජනයට නුසුදුසු බව පවසමින් හම්බන්තොට මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් විසින් තහනම් කර තිබේ.

මෙම ලුණු තොගය 2017 වර්ෂයේ පුත්තලමේ සිට හම්බන්තොටට ගෙන ගොඩගසා ඇති අතර එය නිසි ක්‍රමවේදයකට සෞඛ්‍යාරක්ෂිතවමනුෂ්‍ය පරිභෝජනයට ගත හැකි පරදි ගබඩා කර නොමැති බව හම්බන්තොට මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් කළ විමර්ශනවලින් අනාවරණය කර ගැනීමෙන් පසු මෙය රැගෙන යාමට නොදී තහනම් කර තිබේ.

කිසියම් අක්‍රමිකතාවයක් මෙම ලුණු ගණුදෙනුවට මුවාවී සිදු වී ඇති බවට සංවිධාන ගණනාවකින් මේ වනවිට චෝදනා එල්ලවන පසු බිමක මෙලෙස වසර තුනක් පරිහරණය සඳහා මුදා නොහැර තිබුනේ මන්දැයි එම සංවිධාන ප්‍රශ්න කරයි. එමෙන්ම වසර තුනක් නිසි ක්‍රමවේදයකින් තොරව මෙම ලුණු ගොඩගසා තිබීම නිසා රසායනික වෙනස්කම්ද සිදු වී ඇති හෙයින් මනුෂ්‍ය පරිභෝජනයට සුදුසු නැතැයි හම්බන්තොට මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් අනුමාන කරන අතර මේ වනවිට එහි සාම්පල පරික්ෂාකර අධිකරණයට කරුණු අනාවරණය කරන බවද ඔවුහු කියති.


එහෙත් පොල් වගාවට සත්ව ආහාර වලට මෙය මුදා හැරිය හැකි බවත් එහෙත් පසුව පැකට් කර මනුෂ්‍ය ආහාරයට මුදා හැරීමේ ප්‍රවනතාවයක් ඇති බවට ඔවුන් සැක පල කරයි. අභ්‍යන්තර ආරංචි මාර්ග පවසන ආකාරයට මෙහි  ලුණු  ප්‍රමාණය කිලෝ ලක්ෂයකට අධික බවද වාර්තා වේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ පිලිබඳ අංශ ගණනාවකින් විමර්ශනය සිදු කරයි..

Exit mobile version