පරිභෝජනයට නුසුදුසු තවත් පොල්තෙල්  නැවක් මුදා හැරලා…

ආනයන කර ඇත්තේ සීනි බදු වංචාව සම්බන්ධයෙන් චෝදනා ලබන සමාගම...

පරිභෝජනයට නුදුසුදු  පොල්තෙල් මෙට්‍රික් ටොන් 8000ක් පසුගිය 23 දා රාත්‍රියේ  නිදහස් කරගෙන ඇති බව පාරම්පරික පොල්තෙල් නිශ්පාදකවරුන්ගේ සංගමයේ කැඳවුම්කරු බුද්ධික ද සිල්වා ප්‍රකාශ කරයි.

සීනි ආනයන  බදු වංචාවට ප්‍රධාන වශයෙන් චෝදනා ලබන ආනයනකරු විසින්  පොල්තෙල් බදු සහනය ලබාගෙන මෙම පිරිපහදු නොකළ පොල්තෙල් තොගය ගෙන්වා ඇතැයි ඔවුහු වැඩිදුරටත් පවසති.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


පරිභෝජනයට නුසුදුසු පිළිකා කාරක අන්තර්ගත පොල්තෙල් සහිත කන්ටේනර් ප්‍රති අපනයනය කිරීමට පියවර ගන්නා බව පැවසුවත් පවතින නීතිමය තත්වයන් වෙනස් නොකර  එලෙස ප්‍රති අපනයනය කළ නොහැකි බවත්,  පාරම්පරික පොල් තෙල් නිශ්පාදකවරුන්ගේ සංගමය කියයි.


Exit mobile version