පරපුරක් උකස් කර ණයට ගත්තු ඩොලර් වලින් කාපු කැවිල්ල… 2023 මාස 11ක් තුළ  ඩොලර් බිලියන 1.5ක කෑම ආනයනයට වියදම් කරලා…

පාරිභෝගික භාණ්ඩ ආනයනයේ මුලු  ඩොලර් වියදම බිලියන 2.8යි...    

ලලිත් චාමින්ද –

ආහාර හා පාන වර්ග ඇතුළු පාරිභෝගික භාණ්ඩ ආනයනය කිරීම සදහා ඉකුත් වර්ෂයේ (2023) ජනවාරි මස සිට නොවැම්බර් දක්වා කාලය තුළදි  ඇමරිකානු ඩොලර් මිලියන 2771.2ක මුදලක් ( ඩොලර් කෝටි 227කුත් ලකෂ 12ක්  වැයවි ඇති  බැව් ශ්‍රිලංකා මහ බැංකුව පවසයි.

මෙය 2022 වර්ෂයේ මෙම කාලසිමාවට තුළ පාරිභෝගික භාණ්ඩ ආනයනය කිරිම සඳහා වැය කළ මුදලට වඩා සියයට 7.8ක වැඩිවීමකි.

2023 වර්ෂයේ  ජනවාරි මස සිට නොවැම්බර් දක්වා මාස 11ක කාලය තුළ දි  ආහාර හා පාන වර්ග ආනයනය කිරිම සදහා වැඩිම මුදලක් වැයවි ඇත. ඒ සදහා වැයවි ඇති මුදල ඩොලර්මිලියන  1541කි ( ඩොලර් කෝටි 154කුත් දස ලක්ෂයක්).

සිනි හා රසකැවිලි ආනයනය කිරිම සඳහා වැය කොට ඇති මුදල ඩොලර් මිලියන  390.4කි. කිරි ආශ්‍රිත නිෂ්පාදන ආනයනය කිරිම සදහා ඩොලර් මිලියන 256.8ක මුදලක් හා   පරිප්පු, ලූනු,  අර්තාපල් හා  රනිල කුලයට අයත්  එළවළු ආනයනය කිරීමට   ඩොලර් මිලියන  326.5ක මුදලක් වැයකොට ඇත.


මුහුදු ආහාර ආනයනය කිරිම සදහා වැයකොට ඇති මුදල ඩොලර් මිලියන 71.4කි. කුළුබඩු ආනයනය කිරිම සදහාද ඩොලර් මිලියන 121.6ක මුදලක් වැයකොට ඇති බවද මහ බැංකු වාර්තාවේ සදහන් වේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ඉකුත් වර්ෂයේ නොවැම්බර් මාසය තුළ දි පමණක් පාරිභෝගික භාණ්ඩ ආනයනය කිරිම සඳහා  ඩොලර් මිලියන 265.2ක මුදලක් වැයකොට ඇති බවද මහ බැංකු වාර්තාවේ සදහන් වේ.

Exit mobile version