බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පරණ කැත පුරුදු අත් හරින්න බැරිනම් සේවයෙන් ඉවත්වෙන්…   ඉවත් වෙන්න බැරිනම් අප ඔබ ඉවත් කරනවා… පොලිස් දිනය දා ජනපති පොලිසියට කියයි!

by editor
සැප්තැම්බර් 3, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් හා සම්බන්ධ  පොලිසියේ ඉතා අතලොස්සක පිරිසක් නිසා   රටේ ගෞරවනීය වැදගත් ආයතනයක් වූ පොලිස් දෙපාර්තමේන්තුවම ගර්හාවට ලක්වූ මහජන විශ්වාසය බිඳුනු ආයතනයක් වන බවත්, මේ පැරණි පුරුදුවලින් මිදී වගකීම් සහිත රාජකාරියට පිවිසිය නොහැකි නම් ස්වේච්ඡාවෙන් රාජකාරියෙන් ඉවත්වන ලෙසත් ජනාධිපති අනුර කුමාර දිසානායක පොලිසියම අමතමින් කීවේය.

ජනාධිපතිවරයා පැවසුවේ ආකල්ප වෙනස් කර නොගෙන තවදුරටත් පොලිසියේ රැඳී සිටින එවැනි නිලධාරීන් සේවයෙන් ඉවත් කිරීමට අවශ්‍ය සියලුම කටයුතු සූදානම් කර ඇති බවද ජනාධිපතිවරයා පැවසුවේය.

ජනාධිපති අනුර කුමාර දිසානායක   මේ බව සඳහන් කළේ “නීතිය සුරකිමු – සාමය අගයමු” තේමාව යටතේ අද (03) පස්වරුවේ තිඹිරිගස්යාය, පොලිස් ක්‍රීඩාංගණයේ පැවති 159 වන පොලිස් දින සැමරුම් උත්සවය අමතමිනි.

මෙහිදී අදහස් දැක් වූ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වැඩිදුරටත් මෙසේද පැවසීය

RelatedPosts

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

පොලිස් දෙපාර්තමේන්තුවේ සියලු නිලධාරින් විශාල ලෙස ප්‍රශංසාවට සහ ගෞරවයට ලක් වන බොහෝ අවස්ථා අපි දැක තිබෙනවා. ඒ ගෞරවය සහ ප්‍රශංසාව අපේ රටේ අභිමානවත් පොලිස් දෙපාර්තමේන්තුවක් නිර්මාණය කිරීම වෙනුවෙන් විශාල පිටිවහලක් වී තිබෙනවා. එම ප්‍රශංසා සහ ගෞරවය වගේම පොලිස් දෙපාර්තමේන්තුවට යම් විවේචන සහ දෝෂාරෝපණ නොමැත්තේ නොවෙයි. ඒ නිසා වර්තමානයේ පොලිස් දෙපාර්තමේන්තුවේ රාජකාරී කරන සියලුදෙනාගේ වගකීම වන්නේ මෙම දෙපාර්තමේන්තුවේ ගෞරවය සහ අභිමානය තිර අදිටනකින් යුතුව ආරක්ෂා කරමින් මහජනයාගේ ආරක්ෂාවත්, රටේ ආරක්ෂාවත් තහවුරු කිරීම සඳහා කටයුතු කිරිමයි.

වත්මන් පොලිස්පතිවරයා ඇතුළු සමස්ත පොලිස් දෙපාර්තමේන්තුවට හිමි ගෞරවය සහ අභිමානය යළි අත්පත් කර ගැනීම සඳහා ඔබ සියලුදෙනා කැප වී කටයුතු කරයි කියා මම විශ්වාස කරනවා. පොලිස් දෙපාර්තමේන්තුව පිළිබඳ පළ වන ඇතැම් ප්‍රවෘත්ති එතරම් හිතකර ප්‍රවෘත්ති නොවන බව අපි දන්නවා. 84,000කට ආසන්න පොලිසියේ රාජකාරී කරන ඔබ අතරින් කිහිප දෙනෙක් අතින් සිදු වන සිදුවීම් සමස්ත පොලිස් දෙපාර්තමේන්තුවටම අගෞරවයක් ගෙන දෙන බව මතක තබා ගත යුතුයි. තමන් විසින් කරන සමාජ විරෝධි, නීති විරෝධි ක්‍රියාවක් සමස්ත පොලිස් දෙපාර්තමේන්තුවම අගෞරවයට පාත්‍ර වන බව මතක තබා ගත යුතුයි.

අපේ පොලිස් දෙපාර්තමේන්තුව ඉතා ශක්තිමත් පොලිස් දෙපාර්තමේන්තුවක්. ලංකාවේ ඕනෑම ආන්දෝලනයට තුඩු දෙන සිදුවීමක් ඉතා වේගයෙන් විමර්ශනය කර සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට ඔබ සමත් වී තිබෙනවා. ඒ නිසා ඉතා දක්ෂ පොලිස් නිලධාරීන් අප සතු ව සිටිනවා. ඒ වගේම දක්ෂතාව පමණක් නො ව, තමන් හමුවේ තිබෙන අභියෝග මතින් නිර්භීත ව පියමන් කිරීමට අවශ්‍ය ධෛර්යය සහ කැපවීම ඔබට තිබෙනවා.

එහෙත්, අපේ රටේ ආන්දෝලනයට තුඩු දුන් ඝාතන සහ අපරාධ තිබෙනවා. එම ඝාතන සහ අපරාධ පිළිබඳ තොරතුරු සොයා ගැනීමට නොහැකි වූයේ පොලිස් දෙපාර්තමේන්තුවේ අසමත් වීම නිසාද? එය මම කිසිසේත් විශ්වාස කරන්නේ නැහැ. අපේ රටේ සොයා ගැනීමට නොහැකි වී තිබෙන අපරාධ හෝ ඝාතන සොයා ගැනීමට නොහැකි වී තිබෙන්නේ පොලිස් දෙපාර්තමේන්තුවේ අදක්ෂභාවය නිසා හෝ කැප වීම නොමැතිකම නිසා නොවේ. සොයාගත නොහැකි සෑම අපරාධයක් පිටුපසම දේශපාලන බලය තිබුණා.

පොලිස් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් මොන තරම් වුවමනාවකින් සහ කැපවීමකින් එම විමර්ශන දියත් කිරීමට උත්සාහ කළද දේශපාලන බලය විසින් එය අඩපණ කළ ඉතිහාසයක් අපේ රටේ තිබෙනවා. අඩපණ කළා පමණක් නොව එම විමර්ශනවල නිරත වූ නිලධාරීන් හඹා ගෙන ගොස් පළිගැනීමේ සංස්කෘතියක් තිබුණා. නිවැරදිව රාජකාරිය ඉටු කිරීම, පළිගැනීමට හේතුවක් බවට පත් වූ ඉතිහාසයක් තිබෙනවා. අපේ ආණ්ඩුවක් යටතේ එවැනි දෙයක් සිදු නොවන බවට මම ඔබට සහතික වෙනවා. ඔබ ඔබේ රාජකාරිය රට වෙනුවෙන් සහ මහජනතාව වෙනුවෙන් ඉටු කරන්න නොබියව ඉදිරියට එන්න.

ඒ වගේම, ඇතැම් සංකල්ප ගොඩනඟන්න උත්සාහ කරනවා. මේ අපරාධ සහ ඝාතන වසර 15ක් ගිය විට ශුද්ධ වන බවට. එම ඝාතන කිසිවක් කාලය විසින් සුජාතභාවයට පත් කරන්නේ නැහැ. අපරාධ කිසිවක් කාලයේ වැලි තලාවෙන් යටපත් වීමට ඉඩ දිය යුතු නැහැ. එම අපරාධවලට අදාළ සැකකරුවන් තවමත් නීතිය හමුවට පැමිණ වීමට නොහැකි වී තිබෙනවා නම්, එමගින් කිසිසේත්ම අපරාධය ශුද්ධ වෙන්නේ නැහැ. ඒ නිසා අපරාධයට හිමි දඩුවම කවදාද? කොතැනද? කියා භේදයකින් තොරව දඩුවම් ලබා දීමට අපේ ආණ්ඩුව කටයුතු කරනවා. නීතිය ඉටු කිරීම සඳහා කාලය කිසිදු බාධාවක් නොවෙයි.

ඒ නිසා පොලිස්පතිතුමා ඇතුළු සියලු නිලධාරීන්ට වගකීමක් පැවරී තිබෙනවා. මේ රටේ ජනතාව ඔබ දෙස බලා සිටිනවා.  මේ සමාජය සාමාන්‍ය තත්ත්වයෙන් පවත්වා ගෙන යාම සඳහා ඔබගේ සේවය ඉතා සුවිශේෂයි. ඔබගේ රාජකාරිය නොවෙන්න මේ සමාජය මේ ආකාරයෙන් පවතින්නේ නැහැ. ඒ නිසා සමාජයේ යහපැවැත්ම සහ ස්ථාවරත්වය වෙනුවෙන් ඔබගේ කාර්යභාරය ඉතා වැදගත්.

අද අපේ රට මහ වසංගතයකට ගොදුරු වී තිබෙනවා. නගරබදව පැවති මත්ද්‍රව්‍ය උවදුර අද ඈත ගම්මානද ගිලගෙන තිබෙනවා. අද අපේ දරුවන් මත්ද්‍රව්‍යවල ගොදුරු බවට පත්ව තිබෙනවා. තරුණ ජීවිත විනාශ කරමින් පවුල් විශාල ප්‍රමාණයක් දුප්පත්භාවයේ පතුලටම ඇද දමා තිබෙනවා. මෙම ව්‍යාපාරයට දේශපාලන මැදිහත් වීම් තිබුණු බව අපි කවුරුත් දන්නවා. ඒ සඳහා රජයේ වැදගත්ම ආයතනවල ප්‍රධානින්ගේ මැදිහත් වීම තිබුණු බව අපි දන්නවා. ඒ වගේම, පොලිස් නිලධාරින්ගේ යම් ප්‍රමාණයකද සහයෝගය මේ සඳහා තිබූ බවට වාර්තා වී තිබෙනවා.

ඔබ සිටින්නේ එම උවදුරට එරෙහිව කටයුතු කිරීමටයි. එහෙත් අතළොස්සක් එම වගකීම පැහැර හැර තිබෙන බව අකමැත්තෙන් වුවද කිව යුතු ව තිබෙනවා. ඒ නිසා එම පැරණි පුරුද්ද අතහරින්න කියා මම නිලධාරින්ගෙන් ඉල්ලා සිටිනවා. එසේ  නැතිනම් ඔබ රාජකාරියෙන් ඉවත් වන්න. ඔබ ස්වේච්ඡාවෙන් එය නොකරන්නේ නම් ඔබ සේවයෙන් ඉවත් කිරීමට අපි සාකච්ඡා කර තිබෙනවා. සෑම දෙපාර්තමේන්තුවකටම එයට හිමි ගෞරවය අපි ස්ථාපිත කළ යුතුයි.

ඔබ සාමාන්‍ය පුරවැසියෙක් නොවෙයි, ඔබ මේ සමාජයේ යහපවැත්මේ සමස්ත බර දෙවුරට ගෙන තිබෙනවා. ඔබ දෙස අපේ රටේ පුරවැසියන් මහා බලාපොරොත්තුවකින් බලා සිටිනවා. ඔබ එය ඉටු කරයි කියන විශ්වාසය අපිට තිබෙනවා. ඔබට ලැබෙන වැටුප ප්‍රමාණවත් නොවන බව අපි දන්නවා. ඔබගේ ජීවිතය පවත්වා ගෙන යාම වෙනුවෙන් ප්‍රමාණවත් වැටුපක් හිමි විය යුතුයි. ඒ සඳහා යම් වැටුප් වැඩි වීමක් සිදු කිරීමට අපි බලාපොරොත්තු වෙනවා. ඔබට අදියර කිහිපයකින් එම වැටුප් වැඩි වීම සිදු වෙනවා.

අපේ රටේ නීතියේ ආධිපත්‍යය තහවුරු කරමින් සාමකාමී රටක් ගොඩනැඟුවොත් රට වේගයෙන් සංවර්ධනය කරා ගෙන යාමට හැකියාව තිබෙනවා. අපරාධවලින් තොර, නීතියේ විධානයේ ආධිපත්‍යය තහවුරු වූ රාජ්‍යයක් ආර්ථික වශයෙන් ශක්තිමත් වෙනවා. අපි එම රාජ්‍යය ගොඩනැඟිය යුතුයි. අපි රටක් ලෙස ලබා ගන්නා ආර්ථික ජයග්‍රහණ සහ ප්‍රතිලාභ පෙරළා ජනතාවට ලබා දෙනවා. එහි ප්‍රතිඵලය ලෙස ඔබට වඩා සුවපහසු ජීවිතයක් වෙනුවෙන් ඔබට ලැබෙන වැටුප් සහ දීමනා වැඩි වෙනවා.

ඒ වගේම ඔබ විශාල දුෂ්කර රාජකාරීවල යෙදෙනවා. පැය 8 වෙනුවට පැය 14 – 16 වැඩ කරන නිලධාරීන් සිටිනවා. ඒ වගේම, නිලධාරීන්ගේ හිඟයක් තිබෙනවා. අපි දැනට 10,000ක් බඳවා ගැනීමට අනුමැතිය ලබා දී තිබෙනවා. ඒ වගේම, සහායක සේවා සඳහා සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරින් අනුයුක්ත කිරීමටත් අපි බලාපොරොත්තු වෙනවා. ඒ නිසා, ඔබගේ දුෂ්කරතා මඟහරවා ගැනීම සඳහා ප්‍රමාණාත්මක වැඩි කිරීම් සිදු කරනවා.

ඒ වගේම, වර්තමාන පොලිසිය තවදුරටත් බැටන් පොලු කරකවමින් හන්දියේ සිටින කෙනා නොවෙයි. රජාකාරිය වෙනස් නොවුණාට තාක්ෂණය සහ විද්‍යාව විසින් අත්පත් කර ගන්නා ලද ජයග්‍රහණ සමඟ රාජකාරිය ඉටු කරන ආකෘති වෙනස් වී තිබෙනවා. අද බොහෝ දේ තාක්ෂණය හරහා ඉටු කර ගැනීමට හැකි වී තිබෙනවා. ආණ්ඩුවක් ලෙස ඒ කෙරෙහි වැඩි අවධානයක් යොමු කර තිබෙනවා . අපේ රට ඩිජිටල්කරණයේ ශක්තිමත් රාජ්‍යයක් බවට පත් කිරීමේ අරමුණක් අපට තිබෙනවා. එහිදී, පොලිස් දෙපාර්තමේන්තුවට නව තාක්ෂණය සහ උපකරණ ලබා දීමට අපි සූදානම්. අපිට නූතන පොලිසියක් අවශ්‍යයි. ජාත්‍යන්තරය සමඟ එක හා සමාන ලෙස,  වෘත්තිමය ගෞරවය පෙන් විය හැකි පොලිස් දෙපාර්තමේන්තුවක් අපි හදනවා.  ඒ සඳහා අවශ්‍ය තාක්ෂණය, දැනුම සහ පුහුණුව ලබා දෙනවා. ඒ වගේම ආකල්පමය වෙනසක් සහිතව අපි වැඩ කරමු. මහජනතාවට සමීප පොලිස් දෙපාර්තමේන්තුවක් අපට අවශ්‍යයි. අපි සියලුදෙනා එක් වී එම නූතන පොලිසිය ගොඩනඟමු කියා මම ආරාධනා කරනවා. ගෞරවය, විශ්වාසය සහ මහජන ළෙන්ගතුකම ගොඩනඟා ගත් පොලිස් දෙපාර්තමේන්තුවක් ලෙස අපි 160 වන පොලිස් දිනය සමරමු.

කථානායක ජගත් වික්‍රමරත්න, මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල, මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල, බස්නාහිර පළාත් ආණ්ඩුකාර හනීෆ් යූසුෆ්,  ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක, මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශයේ ලේකම් රවී සෙනෙවිරත්න, පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය  සහ ත්‍රිවිධ හමුදාපතිවරු, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරු ඇතුළු ශ්‍රී ලංකා පොලිසියේ ජ්‍යෙෂ්ඨ සහ කනිෂ්ඨ නිලධාරිහු රැසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

තිස්සමහාරාම පොලිසියේ ජංගම මුරසංචාර ජිප් එක උස්සලා… ජිප් එකේ ගිය පොලිසියේ 04ක් මහ මග අන්දොස් වෙයි…

Next Post

ගව රංචුවක් සමග සැරිසරමින් සිටි අතරමං වූ වන අලි පැටවා…

Related Posts

kuwait-airport-mn-
පුවත්

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026
පුවත්

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026
පුවත්

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
kuwait-airport-mn-

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026
ADVERTISEMENT
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!
  • අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!
  • නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.