පත්තරේ කාටූනය දැක ඇමති බන්දුල පරල වෙයි

රජයේ පුවත්පතක් වන දිනමිණ පුවත්පතේ තමා විවේචනය කරමින් පළ වූ කාටූනයක් සම්බන්ධයෙන් වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී සිය අප්‍රසාදය පළ කර තිබේ.

පාර්ලිමේන්තුවේ වරප්‍රසාද යටතේ මේ සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීමට පාර්ලිමේන්තුවට එම පුවත්පත කැඳවන ලෙසද ඇමතිවරයා කථානායකවරයාගෙන් ඉල්ලා සිටියේය.

කාටුන් ශිල්පී අංජන ඉන්ද්‍රජිත් විසින් එම කාටූනය දිනමිණ පුවත්පත වෙනුවෙන් නිර්මාණය කර තිබුණි.


තමා පාර්ලිමේන්තුවේ කරන ලද කතාවට එහි නිසි ප්‍රමුඛත්වයක් ලබා නොදීම ගැනද ඔහු චෝදනා කළේය.

“ජනාධිපතිවරයාගේ අගමැතිවරයාගේ පාර්ලිමේන්තු බලයට අභියෝග කරමින් ක්‍රියාත්මක වන සර්වබලධාරී නිලධාරීන් මේ කැබිනට් මණ්ඩලයේ පුලන්නන් ගේ තත්ත්වයට පත්වීම පිළිබඳ මේ ගරු සභාවේ අවධානය යොමු කළ යුතුයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 148 වැනි වගන්තියට අනුව මුදල් පිළිබඳ සම්පූර්ණ බලය ඇත්තේ මේ ගරු සභාවට. ඊට පිටින් මේ ගරු සභාව කවුරුන් හෝ හසුරුවන්න යනවනම් යනවනම් ඇමතිවරු හසුරුවන්න යනවානම්, තියෙන්න ඕන අමාත්‍යාංශය මොනවද ගලවන්න ඕන ආයතන මොනවද කියන එක තීරණය කරන සර්ව බලධාරී නිලධාරින් ඉන්නවා නම් ඒ අය ගැන මේ සභාවේ දී හෙළි කළ යුතුයි. එය පාර්ලිමේන්තුවට තියන අයිතියක්.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


දිනමිණ පවත්වාගෙන යන්නේ ජනතාවගේ බදු මුදලින්. සමහර සර්වබලධාරී නිලධාරීන්ට පුළුවන් බය කරලා සමහර දේ නතර කරන්න. මේ විවාදය තුළ ආරම්භ ආරම්භ කරන අයට සහ අවසාන කරන අයට මාධ්‍යවල ඉඩදීම සම්ප්‍රදායක්. මෙහි මුලු පිටුව තුළම මගේ කතාව ගැන කිසිවක් සඳහන් නොකර කාටුනයක් තියෙනවා ජාවාරම් කාරයෙක් මට පිත්තකින් පහර දෙනවා. මම පාර්ලිමේන්තුව ඉඳන් සර්ව බලධාරීන්ට පහර දෙන විට ලේක්හවුස් එක මොකද කරන්නෙ මට පහර දෙන එකක් දානවා කළු කඩ ව්‍යාපාරිකයෙක්. මම කතානායකවරයාගෙන් ඉල්ලා සිටිනවා පාර්ලිමේන්තු වරප්‍රසාද කමිටුවට මෙම පුවත්පත කෙනෙක් මේ සම්බන්ධයෙන් ප්‍රශ්න කරන ලෙස.”

Exit mobile version