පත්කිරීමට නියමිත කැබිනට් ඇමති ධුර 07බෙදෙන්නෙ මෙහෙමයි….

නව රජයේ කැබිනට් මණ්ඩලය සහ රාජ්‍ය සහ නියෝජ්‍ය ඇමති තනතුරු  ලබන සඳුදා වනවිට පත් කර නිම කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අගමැති රනිල් වික්‍රමසිංහ පියවරගෙන තිබේ.

නව කැබිනට් මණ්ඩලය ජනාධිපති අගමැති සමග 22ක් ද නියෝජ්‍ය සහ රාජ්‍ය ඇමතිවරු 30ක් ද වන බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

දැනට කැබිනට් ඇමතිවරු 13 දෙනෙක්  පත් කර තිබෙන අතර තව 07ක් පත් කිරීමට නියමිතව ඇත

ඒ අය සහ නියෝජ්‍ය සහ රාජ්‍ය ඇමතිවරු  ලබන සඳුදා දිනයේ දිවුරුම් දීමට සැලසුම්කර තිබෙන බව  ඉහත ආරංචි මාර්ග සඳහන් කරයි.


පත්කිරීමට නියමිතව තිබෙන කැබිනට් ඇමති ධුර –   සමගි ජන බලවේගයෙන්  ආණ්ඩුවට එක්වීමට නියමිත ප්‍රබලයෙක් සඳහා එක් ධුරයක් ද, සුළු පක්ෂ  තුනක නායකයින් තිදෙනෙක් සඳහා ඇමති ධුර තුනක් ද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් පැමිනෙණ අයෙක් සඳහා එක් ධුරයක් ද පොදුජන පෙරමුණට  ඇමති ධුර දෙකක්ද වශයෙන් ලබා දීමට නියමිතව ඇත.

රාජ්‍ය සහ නියෝජ්‍ය  ඇමති ධුරවලින් වැඩි ප්‍රමාණයක් පොදුජන පෙරමුණට ලබා දීමට සැලසුම් කර තිබේ.

නව රජයේ ඇමතිවරුන්ට  වැටුප් සහ වරප්‍රසාද ලබා නොදෙන බවට අගමැතිවරයා ප්‍රකාශ කිරීමත් සමග කැබිනට් සහ රාජ්‍ය මෙන්ම නියෝජ්‍ය ඇමති ධුර ලබා ගැනිමට එකඟතාවයක සිටි බොහෝ දෙනෙක් ආණ්ඩුව සමග එක්වීමට සහ ඇමති ධුර ලබා ගැනීමට මැලිකමක් දක්වන බව  ඉහත ආරංචි මාර්ග සඳහන් කරයි.

කැබිනට් ඇමති ධුර ලබා ගැනීම එකඟත්වය  පල කර  මේ  හේතුව නිසා එය මග හැර දැමු  සමගි ජන බලවේගයේ  සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන්  කීප දෙනෙක්  මේ අතර කැපී  පෙනෙන බව  කියැවේ .

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ දුෂ්කර අවස්ථාවේ දී  වැටුප් රහිත සේවය බොහෝ විට මාස කීපයකට පමණක් සීමා වනු ඇති බව පැවසුනත් එම කැප කිරීම සඳහා මෙම පිරිස් සූදානම් නොවුන බව පැවසේ.

Exit mobile version