“පඩි කපා රට වහන්න“ යැයි පොහොට්ටු ඇමතිවරුන්ගෙන් යෝජනා රැල්ලක්….  

රට අඟුලු දා තිබෙන කාලසීමාවේදී  තමන් ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වැටුපෙන් 75% ක්, රාජ්‍ය හා පෞද්ගලික සේවකයින්ගේ සේවකයන්ගේ වැටුපෙන් 50%ක් සුළු කම්කරුවන්ගේ වැටුපෙන් 30%ක් පරිත්‍යාග කරමින් දායකත්වය  ලබා ගෙන රට වසා දමන ලෙසත් තමන්ගේ දායකත්වය ඒ සඳහා ලබා දෙන බවත් ඉල්ලමින් සංචාරක  ප්‍රසන්න රණතුංගත්  ජනාධිපතිවරයා වෙත ලිපියක් යවා තිබේ.

රට අඟුලු ලෑමට යෝජනා කරන කිසිවෙක්  ජනතාව මුහුණ දෙන ආර්ථික ගැටලුවලට විසදුම් ඉදිරිපත් නොකරන බවත්   යම් හෙයකින්  රට වසා දැමීමට  ජනාධිපති තුමා තීරණය කරන්නේ නම් මාසික වේතනයක් නොලබන ජනතාව රැක ගැනීම වෙනුවෙන්  වැඩ පිළිවෙලක් අවශ්‍යය බවත් පවසන ඇමතිවරයා සේවක පඩි කපා විසඳුම් සොයන යෝජනාව ජනපතිවරයා වෙත ඉදිරිපත් කරයි.

මෙම යෝජනාවම ඊයේ (19) රාජ්‍ය ඇමති සිසිර ජයකොඩි විසින් ඉදිරිපත් කර තිබිණි.  ඒ වනවිට සමාජ මාධ්‍ය ඔස්සේ ද මේ අදහස වේගයෙන් පතුරුවා හැර ඇති අයුරු දක්නට ලැබිණි.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


තවත් මෙවැනිම ලිපි කීපයක් රෝහිත අබේගුණවර්ධන, නිමල් ලංසා ඇතුළු ඇමතිවරුන් කීප දෙනෙකුගෙන් ඉදිරිපත් වීමට නියමිත බව ලංකාසරට වාර්තා වේ.

Exit mobile version