පක්ෂ තීන්දු විසිවෙයි… සජබ සහ ශ්‍රීලනිප කණ්ඩායම් දෙක්ක ආණ්ඩුවට… . ඇමති ධූර පිළිබඳ අවසන් තීරණය අද රාත්‍රියේ…

සමගි ජන බලවේගය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගෙන ඇති තිරණවලට පිටින් යමින් එම පක්ෂ දෙකේ මන්ත්‍රීවරු කන්ඩායම් දෙකක් ආණ්ඩුව සමග එක්ව ආණ්ඩුවේ ඉදිරි කටයුතු සඳහා පූර්ණ සහයෝගය දැක්වීමට තීරණය කර ඇත.

මෙම මන්ත්‍රී කණ්ඩායම් දෙක පසුගිය දිනවල අගමැති රනිල් වික්‍රමසිංහ සමග සාකච්ඡා වට කීහිපයක් පවත්වා ඇති අතර කොන්දේසි විරහිතව  රට ගොඩ ගැනීමේ ක්‍රියාවලිය වෙනුවෙන් සහයෝගය දැක්වීමට ඔවුන් එකඟතාවය පල කර ඇති බව ඉතා විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කරයි.

මෙම සාකච්ඡා සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පාර්ශවයෙන්  ද   කීප දෙනෙක් එක් වී ඇත. ඔවුන් පවසා ඇත්තේ ඉහත කණ්ඩායම් දෙකට කැබිනට්, නියෝජ්‍ය සහ රාජ්‍ය ඇමති තනතුරු ලබා ගන්නා ලෙසය.

මීට අමතරව අධීක්ෂණ සහ මූල්‍ය කමිටුවල සභාපති ධූර භාරගන්නා ලෙසද ඔවුන්ට දැනුම්  දී ඇත.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ සම්බන්ධව අද උදේ වනතෙක් ඔවුන් නිශ්චිත එකඟතාවයක් පල කර නොතිබූ අතර අද රාත්‍රියේ දී පැවැත්වෙන සාකච්ඡාවේ දී අවසන් තීරණය ලබා ගැනීමට නියමිත බව ඉහත ආරංචි මාර්ග සඳහන් කරයි.

Exit mobile version