නොපෙනෙන කොවිඩ්වල ඇත්ත පෙනේ! අහඹු පරීක්ෂණ 58න් 24ක් පොසිටිවු

PCR

කටාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ තිඹිරිගස්කටුව ප්‍රදේශයේ ඊයේ (06) දින පැවැත්වූ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණයකට ස්වකැමැත්තෙන් අහඹු ලෙස ඉදිරිපත් වූ  පුද්ගලයින් 58 දෙනෙකුගෙන් හරි අඩක්, එනම් 24ක් කොවිඩ් ආසාදිතයන් බව තහවුරු වී යැයි කටාන පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක එස්.ටී.යූ.ටී කුලතිලක ලංකාසරට පැවසීය.

මේ කිසිම පුද්ගලයෙක් සෞඛ්‍ය අංශවල විශේෂ දැනුම්දීමකින් තොරව ඇන්ටිජන් පරීක්ෂාව සිදුකරන ස්ථානයට පැමිණ ස්ව කැමැත්තෙන් පරීක්ෂණවලට ලක්වූවන් බව  පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා කීවේය.

මෙම ආසාදිතයන් රෝගීන්ගේ ආශ්‍රිතයන් නොවූ බව ද වාර්තා වී ඇත.  මේ තත්වය සලකා බැලීමේ දී සමාජයේ කොවිඩ් ආසාදිතයන් සැලකිය යුතු පිරිසක් සිටිය හැකියැයි උපකල්පනය කළ හැකි බව කී ඔහු ජනතාව බෙහෙවින්ම ප්‍රවේසම් විය යුතු බව පෙන්වා දුන්නේය.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


හඳුනාගත් රෝගීන් 24 දෙනා අවුරුදු 12 -60 දක්වා වූවන් බවත් ඔවුන් ආඬිඅම්බලම, කිඹුලපිටිය, අක්කර පනහ සහ ඒ අවට පදිංචිකරුවන් බවත් හෙළි වී තිබේ.

Exit mobile version