නේවි එකෙන් ගේම ඉල්ලන කයිට්ස් මැරයන්ගෙන් 8ක් අත්අඩංගුවට…

දිනසේන රතුගමගේ –

යාපනයේ කයිට්ස් අනලතිව් ප්‍රදේශයේදී නාවික හමුදා නිලධාරීන් දෙදෙනෙකුට පහර දුන් කණ්ඩායමේ පිරිසක් බලහත්කාරයෙන් නීති විරෝධී දැල් උපයෝගී කරගෙන මසුන් මරමින් සිටියදී නාවික හමුදාව ඔවුන්ගෙන් අට දෙනෙකු තහනම් දැල් දහතුනක් සමග   අත් අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට පත් සැකකරුවන් පිිරිස
තහනම් දැල් උපකරණ

නාවික හමුදාවට පහර දුන් පිරිස කයිට්ස් පොලීසිය විසින් අත් අඩංගුවට ගැනීමෙන් පසුව අනලතිව් නාවික හමුදා කඳවුරේ නිලධාරීන්ව අපහසුතාවයට පත්වන අන්දමට දූපතේ පිරිසක් කටයුතු කරන්නට පටන් ගෙන තිබේ.

ඔවුන් නාවික හමුදාව සමග නිතරම ගැටුමක් ඇතිකර ගැනීමට උත්සාහ දරමින් සිටින බව කයිට්ස් පොලීසිය විසින් සිදු කළ පරීක්ෂණ වලින් අනාවරණය වී ඇත.


ඊයේ ( 13) අනලතිව් දූපතට විශාල පිරිසක් පැමිණ බලහත්කාරයෙන් තහනම් දැල් හා තහනම් ධීවර ආම්පන්න යොදාගෙන මසුන් මැරීමට පටන් ගෙන ඇත්තේ එහි ප්‍රතිපලයක් වශයෙනි.

මේ අන්දමට මසුන් මරමින් සිටි අනලතිව් ප්‍රදේශයේ ධීවරයින් අට දෙනෙකු නාවික හමුදාව විසින් අත් අඩංගුවට ගෙන තිබේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මෙලෙස නවික හමුදා බාරයට ගන්නා ලද පුද්ගලයින් වයස අවුරුදු 19 ත් 48ත් අතර වයසේ පසු වන අනලතිව් දූපතෙහි පදිංචි කරුවන් බවට හඳුනාගෙන ඇති අතර, අදාළ සැකකරුවන් සහ නාවික හමුදා භාරයට ගන්නා ලද තහනම් ධීවර දැල් ඉදිරි පරීක්ෂණ කටයුතු සඳහා කයිට්ස් ධීවර පරීක්ෂක වෙත භාරදීමට කටයුතු කරන ලදී.

Exit mobile version