නේපාල ගුවන් යානයේ අවසන් තත්පරයේ වීඩියෝ සහිත දුරකථනයක් හමුවෙයි !

Nepal

නේපාලයේදී ඊයේ (15) අනතුරට ලක් වූ යෙටී ගුවන් සේවයට අයත් යානයේ අවසන් තත්ත්පර කිහිපයේ සටහන් රූ ගත කෙරුණු ජංගම දුරකථනයක් සුන්බුන් අතර තිබී හමුව ඇති බව NDTV ඉන්දීය වෙබ් අඩවිය පවසයි. එහිදී එක් මගියකු මෙම අවසන් තත්ත්පර කිහිපය සජීවී ව ෆේස්බුක් සමාජ ජාලයට මුදා හැර තිබූ අතර ඔහු එය රූ ගත කිරීම ආරම්භ කරන අවස්ථාවේ යානය පොක්රා ගුවන් තොටුපළට බැස්සවීමට සූදානම් වන ආකාරය සහ එහි සිටි මඟින් ප්‍රීතියෙන් පසුවන බව පෙන්නුම් කරයි.

කෙසේ වුවද නිමේෂයකින් ගුවන් යානය කරකැවෙන්නට ගන්නා අතර මහ හඩක් නංවමින් ගිනි ජාලාවක් බවට පත්වන අයුරුද මෙම හානියට පත් නොවූ ජංගම දුරකථනයේ සටහන්ව තිබේ.

මෙම ජංගම දුරකථන වඩියෝ පටය දිවි ගලවා ගැනීමේ මෙහෙයුම්වලට සම්බන්ධ ආරක්ෂක අංශ ප්‍රධානියකු සිය හිතවත් නේපාල දේශපාලකයකු වෙත ලබා දීමෙන් අනතුරුව එය ඉන්දීය මාධ්‍ය වෙත ගැබී වී ඇත.

එන්ජින් දෙකක් සහිත ATR 72 නම් මෙම ගුවන් යානය නේපාලයේ කත්මන්ඩු නුවර සිට පොක්රා බලා ගමන් කළ අතර එහි මඟින් 72ක් ගමන් කළ බව සඳහන් විය. මේ වනවිට ඔවුන්ගෙන් 68 දෙනකුගේ සිරුරු සොයාගෙන ඇත අතර තවත් සිවු දෙනකුගේ සිරුරු හමුව නැත.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


Exit mobile version