නේපාලයේ කුඩා ගුවන් යානයක් පුද්ගලයින් 22ක් සමග අතුරුදහන්…

නේපාලයේ පෞද්ගලික ගුවන් සමාගමක් විසින් මෙහෙයවනු ලබන කුඩා මගී ගුවන් යානයක් අද (29)  පුද්ගලයින් 22 දෙනෙකු සමඟ අතුරුදහන් වී ඇති බව ගුවන් සේවා නිලධාරීහු පවසති.

Tara Air 9 NAET ද්විත්ව එන්ජින් සහිත ගුවන් යානය කත්මණ්ඩු අගනුවරට කිලෝමීටර් 200ක් පමණ වයඹ දෙසින් පිහිටි පොකාරා නම් සංචාරක නගරයේ සිට වයඹ දෙසින් කිලෝමීටර් 80ක් පමණ දුරින් ජොම්සොම් දක්වා පියාසර කරමින් සිටියදී සම්බන්ධතාව නැති වී ගිය බව නේපාල ගුවන්සේවා  බලධාරීහු  පවසති.

මිනිත්තු 15 ක නියමිත ගුවන් ගමනක යෙදී සිටි ගුවන් යානය දේශීය වේලාවෙන් පෙරවරු 9:55 ට ගුවන්ගත වී ටික වේලාවකට පසු සබඳතා නැති වී තිබේ.

ගුවන් යානයේ ඉන්දියානුවන් 4 දෙනෙකු සහ ජපන් ජාතිකයින් තිදෙනෙකු සිට ඇත. ඉතිරි පිරිස නේපාල පුරවැසියන් වන අතර ගුවන් යානයේ කාර්ය මණ්ඩලය ඇතුළුව මගීන් 22 දෙනෙකු සිටි බව රාජ්‍ය රූපවාහිනිය පවසයි.


පොලිස් නිලධාරීන්ට අනුව,   කඳුකර මස්ටැන්ග් දිස්ත්‍රික්කයේ ලෙට් හි “ටිටී” ප්‍රදේශයට යානය කඩා වැටී ඇති බවට සැක කෙරේ.

“ටිටී හි ප්‍රදේශවාසීන් අමතා අපට දන්වා ඇත්තේ කිසියම් පිපිරීමක් සිදු වූවාක් මෙන් අසාමාන්‍ය ශබ්දයක් ඇසුණු බවයි. අපි සෝදිසි මෙහෙයුම සඳහා හෙලිකොප්ටරයක් ​​එම ප්‍රදේශයට යොදවනවා,”  මස්ටන්ග්   දිස්ත්‍රික් පොලිස්  කාර්යාලය පවසා ඇත .

අතුරුදන් වූ ගුවන් යානා සෙවීම සඳහා නේපාල රජය මස්ටන්ග්  සහ පොකාරාහි  සිට පෞද්ගලික හෙලිකොප්ටර් යානා දෙකක් යොදවා තිබේ. නේපාල හමුදා හෙලිකොප්ටරය ද සෝදිසි කිරීම සඳහා යෙදවීමට සූදානම් කර තිබේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


කඳුකර රාජ්‍යයක්වන නේපාලයේ  මහා කඳුපන්ති අතරින් කෙරෙන ගමන් කෙටි කරගැනීම සඳහා අභ්‍යන්තර ගුවන් සේවා රැසක් ක්‍රියාත්මක වන්නේය.   මෙම කුඩා ගුවන් යානයක් අනතුරට ලක් වූ විට සහන සේවා සැපයීම අතිශය දුෂ්කර වන්නේ දල බෑවුම් සහ හිම මිදුණු කඳු පන්ති අතර ගලවා ගැනීම් කණ්ඩායම්වලට ඉතා වෙහෙසකර අත්දැකීමක් ලබන්නට සිදුවන බැවිනි.

Exit mobile version