නෙළුම් කුළුණ ප්‍රමිතිගත ද?… විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව දැඩි සොයා බැලීමක..

නෙළුම් කුළුණ ඉදිකිරීමේ ප්‍රමිතිය සියයට සියයක් විය යුතු බවත් එය කවුරුන් හෝ භාර ගන්නේ නම් එහි ප්‍රමිතිය සම්බන්ධයෙන් සියලු අධ්‍යයනයන් සිදු කොට එය භාර ගත යුතු අතර මෙතෙක් එම කටයුතු සම්පූර්ණ කර නොමැති බවත් විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් ඕෂධ සේනානායක පැවසීය.

අද (14) ජනාධිපති මාධ්‍ය මධ්‍යස්ථානය විසින් මාර්ගගත ක්‍රමය ඔස්සේ සංවිධානය කරන ලද මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදියකු විසින් නගන ලද ප්‍රශ්නයකට පිළිතුරු දුන් ඕෂධ සේනානායක තමන් සභාපති ධුරයට පත්වූ දෙවසර පුරා මෙම ඉදිකිරීම් අත්පත් කර ගැනීම සම්බන්ධයෙන් සියලු පාර්ශ්ව නියෝජනය කරන විශේෂඥයන් ලවා පරීක්ෂා කරමින් සිටින බවද සඳහන් කළේය.

මෙම අත්පත් කර ගැනීම් සඳහා නෛතික ක්‍රියාවලියක්ද පවතින අතර මෙය ඉදිරි වසර දෙක තුළ සක්‍රිය කිරීමට හැකිවනු ඇති බව ට ඔහු විශ්වාසය පළ කළේය.


එහිදී තවදුරටත් මේ පිළිබඳ ව අදහස් දැක්වූ ඕෂධ සේනානායක මෙසේ කීවේය.

“ පොඩි ඉදිකිරීමක් වුණත් අත්පත් කර ගැනීමේදී ඊට අදාළ සම්පූර්ණ දත්ත පරිශීලනය කළ යුතුයි. ඒ අනුව මම අධ්‍යක්ෂ ජෙනරාල් ලෙස පත්ව දැනට වසර දෙකක කාලයක් තිස්සේ නෙළුම් කුලුනේ ප්‍රමිතිය සම්බන්ධයෙන් සියලු දේ සොයා බලනවා. මේ සඳහා විශේෂඥයින් යෙදවීම විශාල මුදලක් වැය වෙනවා. ඇතැම් ක්ෂේත්‍රවල විශේෂඥයින් ස්වේච්ඡාවෙන් පැමිණ නෙලුම් කුලුනේ ප්‍රමිතිය සම්බන්ධව තමන්ට විශේෂඥ දැනුම ඇති ක්ෂේත්‍රයට අදාළව සොයා බලනවා.   අප කැමති නෑ කිසිම දෙයක් අසම්පූර්ණ වෙනවට. එහි සියයට සියයක් ප්‍රමිතියට තිබිය යුතුයි.“

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ඔහු පැවසීය.

Exit mobile version