නෙවිල් ප්‍රනාන්දු රෝහල කොවිඩ් රෝහලක් කිරීම වළක්වන්න මට කිසිම අවශ්‍යතාවයක් නෑ…

නිපුණතා සංවර්ධන, වෘත්තීය අධ්‍යාපන, පර්යේෂණ හා නව නිපැයුම් රාජ්‍ය අමාත්‍ය, විශේෂඥ වෛද්‍ය සීතා අ‍රඹෙපොල

 

නෙවිල් ප්‍රනාන්දු රෝහල කොවිඩ් රොහලක් බවට පත් කිරීමට තමන්ගේ කිසිම විරෝධතාවයක් නැති බවත්, එසේ විරුද්ධවීමට තමන්ට කිසිම අවශ්‍යතාවයක් හෝ පදනමක් නැති බවත් නිපුණතා සංවර්ධන, වෘත්තීය අධ්‍යාපන, පර්යේෂණ හා නව නිපැයුම් රාජ්‍ය අමාත්‍ය, විශේෂඥ වෛද්‍ය සීතා අ‍රඹෙපොල ලංකාසරට පැවසීය.

නෙවිල් ප්‍රනාන්දු රෝහල කොවිඩ් රෝහලක් බවට පත් කිරීමට එරෙහිව ප්‍රධාන බලපෑම කරනු ලබන්නේ සයිටම් පුද්ගලික විශ්විද්‍යාලයේ කථිකාචාර්යවරියක් ලෙසත් නෙවිල් ප්‍රනාන්දු රෝහලේ උගුර කණ හා නාසය පිළිබඳ විශේෂඥ වෛද්‍යවරියක ලෙසත් සිටි රාජ්‍ය අමාත්‍ය සීතා අ‍රඹෙපොල බවට සමාජ මධ්‍ය ඔස්සේ දිගින් දිගටම නැගෙන චෝදනාව ගැන විමසීමේ දී ඇය මේ බව ප්‍රකාශ කළාය.

එහි දී වැඩි දුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍යවරිය කීවේ වර්ෂ 2017න් පසු නෙවිල් ප්‍රනාන්දු රෝහලට තමන්ගේ කිසිම සම්බන්ධයක් නැති    බවත්, මේ ආයතනය තමන්ගේ විෂය පථයට අයත් ආයතනයක් නොවන බවත්ය.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


නෙවිල් ප්‍රනාන්දු රෝහල කොවිඩ් රෝහලක් කරන්නේ නම් ඒ තීන්දුව ගත යුත්තේ සෞඛ්‍ය අමාත්‍යාංශය සහ රජය විසින් බවත් ඇය කීවාය.

 

Exit mobile version