නෙදර්ලන්තයත් ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා එන්නත තාවකාලිකව අත්හිටුවයි….

නෙදර්ලන්තය  ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා කොරෝනා මර්දන එන්නත භාවිතය තාවකාලිකව  අත්හිටවනු ලැබුවේය.  එන්නත නිසා ඇතිවන අතුරු ආබාධ සම්බන්ධව සැලකිලිමත් වීමෙන් පසු නෙදර්ලන්ත රජය මෙම අත්හිටුවීම   ඊයේ (15)  ප්‍රකාශයට පත් කළේය.

පූර්වාරක්ෂාව වෙනුවෙන් අවම වශයෙන් මාර්තු 29 වන දා තෙක්   එම තීරණය ක්‍රියාත්මක කරන බව ද නෙදර්ලන්තය ප්‍රකාශ කර තබිණි.

එන්නත් කරණයේ දී   කිසිදු සැකයකට ඉඩ දිය නොහැකි බවත්, සියලු දේ නිවැරදිව සිදුකළ යුතු බවත්, පවසන නෙදර්ලන්ත  සෞඛ්‍ය බලධාරීන් පෙන්වා දෙන්නේ මේ මොහොතේ ගත හැකි උචිතම තීරණය එන්නත තාවකාලිකව අත්හිටවීම  බවය.


ඉකුත් දා අයර්ලන්තය ද සිය රට තුළ ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා කොරෝනා මර්දන එන්නත භාවිතය තාවකාලිකව අත්හිටවනු ලැබුවේය. ඒ, එන්නත ලබාගත් වැඩිහිටියන්ගේ රුධිර කැටි ගැසීම් පිළිබඳ නෝර්වේ රාජ්‍යයෙන් වාර්තාවීමත් සමගය.

මේ වනවිට ඩෙන්මාර්කය, නෝර්වේ රාජ්‍යය, බල්ගේරියාව, අයිස්ලන්තය හා තායිලන්තය  හා නෙදර්ලන්තය ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා   එන්නත් භාවිතය සිය රට තුළ නවත්වා තිබේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


කෙසේවෙතත්, ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා එන්නත භාවිතය අත්හිටුවීමට තරම් තත්ත්වයක් මේවනතෙක් උද්ගතවී නොමැති බවය.

Exit mobile version