නෙඩුන්කේණි බොදු පුදබිම බලෙන් ඇල්ලූ පූජකයන් තුන්දෙනා දුටු තැන අල්ලන වරෙන්තුවක්…

වෙඩ්ඩුක්කුනාරිමලෙයි බෞද්ධ සිද්ධස්ථානය බලහත්කාරයෙන් අත්පත් කරගෙන ආදී ලිංගේස්වර කෝවිල හදාගෙන තිබුණු අයුරු...

දිනසේන රතුගමගේ –

වවුනියාව නෙඩුන්කේණී වෙඩ්ඩුක්කුනාරිමලෙයි බෞද්ධ සිද්ධස්ථානය බලහත්කාරයෙන් අත්පත් කරගෙන එහි ආදී ලිංගේස්වර කෝවිල නමින් හින්දු කෝවිලක් පිහිටවූ කෝවිල් බාරකරුවන්ට වවුනියාව  මහේස්ත්‍රාත් අධිකරණය විසින් දුටු තැන අල්ලන ලෙස  වරෙන්තුවක්  නිකුත් කොට තිබේ.

ඒ මෙම කෝවිලේ පිරිසට එරෙහිව  නෙඩුන්කේණී පොලීසිය විසින් පවරා තිබූ නඩුවකට එම පූජකවරු තුන් දෙනා සහ වෙනත් දෙදෙනෙකු පෙනී නොසිටීම හේතුවෙනි.

මෙම හින්දු කෝවිල පිහිටුවීමෙන් පසුව එහි බාරකරුවන් පුරාවිද්‍යා නිලධාරීන් සමග විශාල ආරවුලක් ඇති කරගත් අතර පුරාවිද්‍යා නිලධාරීන් නෙඩුන්කේණී පොලීසියට කරන ලද පැමිණිල්ලකට අනුව එම ප්‍රදේශය සියළු දෙනාටම තහනම් කලාපයක් ලෙස අධිකරණ තීන්දුවක් ලබා දී තිබුණි.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


නමුත් කෝවිලට යන බාර කරුවන් හා බැතිමතුන් පුරා විද්‍යා නිලධාරීන් සමග ගැටුම් ඇති කර ගැනීම නිසා නෙඩුන්කේණී පොලීසිය  කෝවිල් බාරකරුවන් අධිකරණ නියෝග කඩ කිරීමට එරෙහිව පනවන ලද නඩුවට පෙනී නොසිටීම නිසා අධිකරණය  කෝවිල්බාරකරුවන්ට දුටු තැන අත් අඩංගුවට ගැනීමේ වරෙන්තුව නිකුත් කොට තිබේ.

Exit mobile version