නුවර විශේෂඥ වෛද්‍යවරියට ඇඳගෙන ප්‍රතිකාර කළ මිනුවන්ගොඩ හොර දොස්තර අත්අඩංගුවට

ව්‍යාජ ලෙස වෛද්‍යවරියක් ලෙසින් පෙනී සිටි කාන්තාව

මහනුවර ජාතික රෝහලේ ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරියකගේ වෛද්‍ය සභාවේ ලියාපදිංචි අංකය ව්‍යාජ ලෙස භාවිත කර එම වෛද්‍යවරිය ලෙස පෙනී සිටිමින් ගම්පහ ප්‍රදේශයේ ප්‍රතිකාර මධ්‍යස්ථාන කිහිපයක් පවත්වාගෙන ගිය   කාන්තාවක් මහනුවර විශේෂ අපරාධ විමර්ශන අංශය මගින් ඊයේ (22) අත්අඩංගුවට ගත්තේය.

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය කෞෂල්‍යා හෙට්ටිආරච්චි

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය කෞෂල්‍යා හෙට්ටිආරච්චි   විසින් පොලීසියට කරන ලද පැමිණිල්කින් පසු පරීක්ෂණ පැවැත්වූ පොලීසිය අදාළ කාන්තාව ගම්පහ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත.

සැකකාර කාන්තාව ඇගේ ඡායාරූපය යොදා කැලිෆෝනියා විශ්ව විද්‍යාලයේ අධ්‍යාපනය ලද බවට ව්‍යාජ තොරතුරු පලකර තිබෙන බවද පොලිස් පරීක්ෂණ මගින් අනාවරණය වී ඇත.


වසර ගණනාවක් තිස්සේ මෙම කාන්තාව ගම්පහ ප්‍රදේශයේ රෝගීන් ගණනාවකට ප්‍රතිකාර ලබාදී තිබෙන බව පොලීසිය පවසයි. ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරියගේ ලියාපදිංචි අංකය භාවිත කරමින් අදාළ කාන්තාව සියලුම රෝග වලට ප්‍රතිකාර ලබාදී තිබෙන බව පොලිස් පරීක්ෂණ මගින් හෙළිව ඇත.

සැකකාර කාන්තාව විශේෂඥ වෛද්‍යවරියගේ තොරතුරු ඇතුළත් කර මුද්‍රණය කර තිබූ කාඩ් පතක් වෛද්‍යවරිය අතට පත්වීමෙන් පසු ඇය ඒ සම්බන්ධව පොලීසියට පැමිණිලි කර තිබේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


සිද්ධිය සම්බන්ධයෙන් මහනුවර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සුදත් මාසිංහ මහතාගේ උපදෙස් මත මූලස්ථාන භාර ප්‍රධාන පොලිස් පරීක්ෂක තුසිත හලංගොඩ මහතාගේ මෙහෙයවීමෙන් විශේෂ අපරාධ අංශය පරීක්ෂණ පවත්වයි.

 

Exit mobile version