නුවර රෝහලේ  බෙහෙත් හොරා හොයන්න ඩී.එන්.ඒ පරීකෂණයක්…

මහනුවර ජාතික රෝහලේ ප්‍රධාන ඖෂධ ගබඩාව බිඳ එහි තිබූ නිර්වින්දන ඖෂධ තොගයක් සොරා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන පොලීසිය අදාළ ස්ථානයේ තිබූ රුධිර පැල්ලමකින් ලබා ගත් කොටස් සිද්ධිය සම්බන්ධයෙන් සැකකරන රෝහලේ සුළු සේවකයෙකුගේ රුධිර සාම්පල හා ගැලපේද යන්න සොයා බැලීම සඳහා ඩී.එන්.ඒ වාර්තාවක් ලබා ගැනීම සඳහා ඒවා යොමුකර තිබේ.

මෙම ඖෂධ සොරා ගැනීම සම්බන්ධව රෝහලේ ප්‍රධාන ඖෂධවේදියා විසින් මහනුවර පොලීසියට පසුගිය 08 දින අදාළ පැමිණිල්ල සිදුකර ඇත.

නිර්වින්දන ඖෂධ අඩංගු පෙට්ටි 10 ක් සොරා ගෙන ගොස් තිබෙන බවට අදාළ පැමිණිල්ලේ සඳහන් වෙයි.


සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවැත්වූ පොලීසිය ඖෂධ ගබඩාවේ තිබූ රුධිර පැල්ලමක් ඔස්සේ පරීක්ෂණ ආරම්භ කර තිබේ.

මෙයට පෙර රෝහලේ පරිගණකයක් සොරා ගැනීමේ සිද්ධියකට සම්බන්ධ සුළු සේවකයෙකු මෙම සොරකම සිදු කළේද යන්න පිළිබඳව සැක පහළ වීමෙන් පසු පොලීසිය අදාළ පුද්ගලයාගේ රුධිර සාම්පලයක් ගෙන ඖෂධ ගබඩාවේ තිබූ රුධිරය හා එය ගැලපේද යන්න තහවුරු කර ගැනීම සඳහා ඩී.එන්.ඒ පරීක්ෂණයක් සඳහා ඒවා යොමුකර තිබේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


සිද්ධිය සම්බන්ධයෙන් මහනුවර පොලිස් මූලස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක තුසිත හලංගොඩගේ උපදෙස් මත අපරාධ අංශය මගින්  පරීක්ෂණ පවත්වයි.

Exit mobile version