නුවර පෙරහට කරනම් තහනම්

නටන්න ඕන මුඛවාඩම් බැඳගෙන... කොවිඩ් නීති නුවර පෙරහර වෙනස් කරයි.

මහනුවර ඇසළ පෙරහර මංගල්‍යයේ නැටුම් කණ්ඩායම් සඳහා මෙවර නීතිරීති රැසක් පැනවීමට සිදුව තිබේ. ගිනි බෝල කරකවන්නන් , වෙස් නැටුම් ඇතුළු දේවාල පෙරහරයන්හි විවිධ නැටුම් අංග සඳහාවන කරනම් ගැසීම, බිම දිගා වීම ආදි අංග මෙවර ඉවත් කිරිමට සෞඛ්‍ය අංශ උපදෙස් ලබා දී තිබේ. 

කොවිඩ් 19 වෛරසය ව්‍යාප්ත වීමේ අවධානම තවදුරටත් පහව ගොස් නැති බැවින් මෙම නීතිරිති පැනවීමට සිදුව ඇත.  නර්තන ශිල්පීන් ඇතුළු සියළුම කලාකරුවන් මුඛවාඩම් (mask ) භාවිත කළ යුතු අතර අතරමග පානිය ජලපහසුකම් සැලසීම සඳහා ද දැඩි නීති පැනවීමට සිදුව තිබේ. 

දෑත් මගින් බෝවීමට වැඩි ඉඩක් පවතින කොවිඩ් 19 වෛරසය හේතුවෙන් පෙරහර පැවැත්වීමේ දි දැඩි සෞඛ්‍ය නීති රීති පැනවීමට සිදුවන බවද , එසේ නොවුනහොත් වෛරසය ව්‍යාප්ත වීමේ ඉඩක් පවතින බවත් මහනුවර දිස්ත්‍රික් සෞඛ්‍ය වසංගත රෝගවේදාඥ වෛද්‍ය පසන් ජයසිංහ   කියා සිටියේය.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


නර්තන කණ්ඩායම් වෙන වෙනම දැනුවත් කරමින් මේ සම්බන්ධයෙන් පුළුල් අවබෝධයක් ලබා දිමට සිදුවන බවද දියවඩන නිළමේ නිලංග දැල මහතා සමග සාකච්ඡා කොට  මේ සම්බන්ධයෙන් ඉදිරියේදි කටයුතු කරන බවද වෛද්‍ය ජයසිංහ  කියා සිටියේය.

 

Exit mobile version