නුවරට කේබල් කාර් අරන් කොරියානු කෝටිපතියා ලබන වසරේ එයි

කොරියාවේ කේබල් කාර් ව්‍යාපාරයේ පුරෝගාමියා ලෙසින් සැලකෙන ස්කයි ඒෂියා සමාගමට මහනුවර නගරාසන්නයේ කේබල් කාර් ව්‍යාපෘතියකට අදාළ අවසරය ලද බව කොරියන් හෙරල්ඩ් පුවත් පත වාර්තා කරයි. මහනුවර හන්තාන කඳු මුදුනේ සිට නගරය දක්වා මෙම කේබල් කාර් ව්‍යාපෘතිය ක්‍රියාත්මක වන අතර විශේෂයෙන් සංචාරකයන් ආකර්ෂණය කිරීම එහි අරමුණ බව එම සමාගමේ සභාපති යූ සුන් හා මෙම පුවත්පතට පවසා තිබුණි.

මට අහම්බයකින් වගේ 2012 වසරේදී ශ්‍රි ලංකාවේ සංස්කෘතික අමාත්‍යවරයා හමුවීමේ අවස්ථාවක් ලැබුණා. ඒ වෙලාවේ මට ඔවුන් කිව්වා ලංකාවෙත් කේබල් කාර් ව්‍යාපෘතියකට ආයෝජනය කරන්න කියල. මට ඒ කාලේ එච්චර ඉංග්‍රිසිත් බෑ. කැඩිච්ච ඉංග්‍රිසියෙන් කතා කරන මට ඔවුන් කීවා කැන්ඩි ගිහින් බලන්න කියල. මම හිතුවේ කැන්ඩි කියන්නේ රසකැවිලි වර්ගයක් කියල. නමුත් පසුවයි මට තේරුණේ බෞද්ධයන්ගේ පූජනීය දළඳා වහන්සේ වැඩ සිටින නගරයයි කැන්ඩි කියල හඳුන්වන්නේ කියල. මම ගිහින් බැලුවා, ඉතාම ලස්සන ආකර්ෂණීය නගරයක්.1988 සිට මුළු නගරයම යුනෙස්කෝ ලෝක උරුම නගරයක් ලෙසට ප්‍රකාශයට පත් කළ වැදගත් වටිනා නගරයක්.

සංඛ්‍යාලේඛන බැලුවාම මහනුවර දළදා මාලිගාවට රාජකීය උද්භිද උද්‍යානයට වාර්ෂිකව සංචාරකයන් මිලියන දෙකකට වඩා පැමිණෙනවා. මම ඔවුන්ගෙන් යම් කොටසක් ඉලක්ක කරකෙන මෙම කේබල් කාර් ආයෝජනය කරනවා. මෙය සාර්ථක වෙන්නේ කොහොමත් එවැනි සංචාරක අකර්ෂණයක් තිබෙන තැනකයි.“ යනුවෙන් සඳහන් කළේය.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


කොවිඩ් අර්බුදය මැද වුවද මෙම ව්‍යාපෘතිය ලබන වසරේදී ආරම්භ කරන බවත් එය 2022 වසර අවසන් වීමට පෙර විවෘත කිරීමට බලාපොරොත්තු වන බවත් ස්කයි ඒෂියා සභාපතිවරයා තවදුරටත් පවසා තිබුණි.

Exit mobile version