නුවරඑළිය රෝහලේ පී.සී.ආර්. නැවතිලා… මධ්‍යම පලාතෙම අඩු කරලා – පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ

මධ්‍යම පළාත තුළ සිදුකරන පී.සී.ආර්. පරීක්ෂණ ප්‍රමාණය අඩු වීම නිසා කොවිඩ් සමාජගත වී ඇති ආකාරය පිළිබඳ නිවැරදි අදහසක් ගැනීමට නොහැකි වී ඇති බව මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය නිහාල් වීරසූරිය පැවසුවේය.

ඔහු මේ බව ප්‍රකාශ කළේ මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ කොවිඩ් ව්‍යාප්තය පාලනය කිරීම සඳහාවන මෙහෙයුම් කමිටු විශේෂ රැස්වීමේ දී ය.

මේ වනවිට නුවරඑළිය රෝහලේ පී.සී.ආර්. පරීක්ෂණ සියල්ල නවත්වා ඇති බවත් මහනුවර රෝහලේ  සිදුවන පී.සී, ආර්. 370න් 200ත් 210ත් අතර ප්‍රමාණයක් දිනපතා ආසාදිත බව තහවුරු වන බවත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා කීවේය.


මෙහිදී අදහස් දක්වමින් මහනුවර දිස්ත්‍රික් ප්‍රජා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී සුරංග ප්‍රනාන්දු කීවේ  නුවරඑළිය රෝහලේ  පී.සී.ආර් යන්ත්‍ර දෙකම  දින 14ක් තිස්සේ කැඩී ඇති බවය.   මේ හේතුව මත වතුකරයේ ජනතාව මේ රෝගයට ගොදුරු වෙලා ද නැද්ද යන්නවත් සොයාගත නොහැකි බව වෛද්‍යවරයා කීවේය.

“ වසංගතයට ගොදුරුවන අය වෙනුවෙන් ප්‍රතිකාර මධ්‍යස්ථාන  ගොඩනැගීම පැතත්කට තියලා මේ රෝගය මොනතරම් පැතිරිලා දියලා හොයන්න  මූලික පරීක්ෂණය කිරීම සඳහා පහසුකම් සකස් කරලා දෙන්න. පී.සී.ආර් පරීක්ෂණ කරන්න පහසුකම් හදලා දෙන්න කියාල මා   මෙහෙයුම් කමිටුවෙන් ඉල්ලා සිටිනවා.

“ මහනුවර දිස්ත්‍රික්කයේ පමණක් දිනක 200 210ක් පොසිටිව්.   නුවරඑළියෙ යන්ත්‍ර කැඩෙන්න කලින් දිනකට 100කට අධිකව පොසිටිව් උනා. මැෂින්   කැඩුනට පස්සේ කී දෙනෙක් පොසිටිව් උනාද දන්නෙ නෑ.  දැන්වත් සති 4ක්  ප්‍රදේශය තුළ සංචරණ සීමා පැනවා පරීක්ෂණ කඩිනම් කර නිසි සැලැස්මකට කටයුතු කළොත් ඉදිරි මාස 6 ගැන යම් බලාපොරොත්තුවක් තබා ගන්න පුලුවන්. නැතිනම් නුවර දිස්ත්‍රික්කයේ ඉන්න මිලියන 1.5ක ජනගහණය මේ වසංගතයෙ ගොදුරු උනොත් අපට කරන්න දෙයක් නැතිව බලාගෙන ඉන්න වෙන්නෙ.“

මහනුවර දිස්ත්‍රික් ප්‍රජා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී සුරංග ප්‍රනාන්දු වැඩිදුරටත් කීවේය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මෙම රැස්වීමට ජනමාධ්‍ය ඇමති කෙහෙළිය රඹුක්වැල්ල, රජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්වන ගුණතිලක රාජපක්ෂ, වසන්ත යාපා, ඇතුළු දේශපාලකයන් හා පළාත් ප්‍රධාන ලේකම් රාජරත්න, දිසාපත් චන්දන තෙන්කෝන් ඇතුළු නිලධාරීන් පිරිසක් සහභාගී වී සිටිති.

 

Exit mobile version