නුවරඑළිය රෝහලේ අක්ෂි සැත්කම් කළ 10කට පෙනීම මුලුමනින්ම නැති වී ඇත්තේ බෙහෙතකින් ඇතිවූ සංකූලතාවයක් නිසා….

eye_surgery_

අක්ෂි සැත්කම්වලට ලක්වූ රෝගීන් 10 දෙනෙකුගේ පෙනීම මුලුමනින් නැතිවී නැවත රෝහලට පැමිණි බව   නුවරඑළිය මහරෝහලේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය මහේන්ද්‍ර සෙනවිරත්න පවසයි.

නුවරඑළිය මහරෝහලේ ඉකුත් 05 වැනිදායින් පසුව සිදුකළ අක්ෂි සැත්කම්වලින් පසු  එම රෝගීන් දස දෙනා අන්ධ භාවයට පත් වී ඇත.

ඊට හේතුව ඇසට දැමූ බෙහෙතක විෂබීජ තිබීම බවට මූලික පරීක්ෂණයකින් හෙළිදරව් වූ බව රෝහල් අධ්‍යක්ෂවරයා ලංකාදීප පුවත්පතට පවසා ඇත.

ඔහු හෙළි කරන්නේ අක්ෂි සැත්කම් කරගත් රෝගීන් නිවසට ගිය පසු  දින කීපයකින් ඔවුන්ගේ ඇස් පෙනීම මුලුමනින්ම නැතිවී ගොස් නැවත රෝහලට පැමිණි බවය.


මේ වනවිට රෝගීන් ප්‍රතිකාර ගනිමින් සිටින අතර ඔවුන්ගේ තත්ත්වය සියයට 30කින් පහණ යහපත් තත්ත්වයට පැමිණ ඇති බව    රෝහල් අධ්‍යක්ෂවරයා කියා ඇත.

දැනට කෙරෙන ප්‍රතිකාර අවසන්වනවිට ඔවුන් යහපත් තත්ත්වයට පත්වනු ඇතැයි හෙතෙම විශ්වාසය පල කරයි.

සිද්ධිය පිළිබඳ රෝහල් අධ්‍යක්ෂවරයා සෞඛ්‍ය අමාත්‍යාංශය දැනුම්වත් කර ඇත. සිද්ධිය පිළිබඳ පරීක්ෂණයක් කරන බවත්,  ඖෂධය ශ්‍රී ලංකාවට ගෙන්වීමට කටයුතුකළ සමාගම ද දැනුම්වත් කර ඇති බවත්   අමාත්‍යාංශය පවසා තිබේ.

විෂබීජ සහිත බෙහෙතක්  හේතුවෙන් ඇතිවූ සංකූලතා නිසා  මීට සතියකට පෙර  කොළඹ  අක්ෂි රෝහලේ සියලුම සැත්කම් තාවකාලිකව අත්හිටවනු ලැබුවේය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ලංකාදීප –

Exit mobile version