නුවරඑළිය ගොවිතැන පස වහ කළ හැටි විගණනය හෙළි කරයි…

ලලිත් චාමින්ද –

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


නුවරඑළිය දිස්ත්‍රික්කයේ එළවළු ගොවින් විසින් සිය එළවළු වගාව සදහා උපරිම පොස්පරස් හා පොටෑසියම් අවශ්‍යතාවය ඉක්මවා පසට යොදා ඇති බැව් ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති පාරිසර විගණන වාර්තාවක සදහන් වේ.

භෝග ස්ථාපනයේ දි මුල පද්ධතියේ වර්ධනය සදහා යොදනු ලබන පොස්පරස් පෝෂණය සිමා රහිතව යොදා ඇති බවද විගණනය මගින් අනාවරණය කර තිබුණි.

නුවරඑළිය දිස්ත්‍රික්කයේ එළවළු වගාව සම්බන්දයෙන් පාංශු සාම්පල් 162ක පවතින රසායනාගාර වාර්තා පරික්ෂාවේ දි තිබිය යුතු අවම පොස්පරස් ප්‍රමාණය සහිත වු නියැදි සංඛ්‍යාව 03ක් වු අතර ඉතිරි නියැදි 159ම උපරිම ප්‍රමාණය ඉක්මවා තිබුණි.

එමෙන්ම නියැදි 159ට අදාල පොටැසියම් තත්වයන් පරික්ෂා කිරිමේ දි එම සංගුණකයේ අගය 160ට වැඩි පොටැසියම් පෝෂණ ප්‍රමාණයක් සහිත පාංශු නියැදි සංඛ්‍යාව 73ක් බවද විගණන වාර්තාවේ සදහන් වේ. ඒ අනුව නුවරඑළිය දිස්ත්‍රික්කය තුළ ඉතා ඉහල ප්‍රමාණයකින් පොටැසියම් සංයෝගය භාවිතා වි තිබු බවද විගණනය මගින් අනාවරණය කොට තිබුණි.

පාංශු ස්ථරයක තිබිය යුතු උපරිම පොටෑසියම් හා පොස්පරස් අවශ්‍යතාවය ඉක්මවා යාම තුළ පාංශු ස්ථරයේ ගුණාත්මක භාවයේ අසමතුලිතතාවයක් ඇතිවිමත් හිතරක ක්ෂුද්‍රජිවින්ගේ වර්ධනයටත් බාධාවක් ඇතිවිය හැකි බවද විගණන වාර්තාවේ සදහන් ඇත.

එමෙන්ම අධික ලෙස මෙම සංඝටකයන් පැවතිම තුළ ශාකවල වර්ධනය සදහා අත්‍යවශ්‍යවන්නාවු සියලු සංඝටකයන් පස තුලින් ලබා ගැනිමේ හැකියාව අහිමිවි යන බවද විගණනය මගින් පෙන්වා දි ඇත.

පලදාවේ ප්‍රමාණයේ හා ගුණාත්මක භාවයේ වෙනස්කම් ඇතිවිමක් සිදුවිය හැකි බවත් පස සෝදායාමෙන් ජලයේ පවතින සුපෝෂණ තත්වයන් බිඳහෙලිම සදහා මෙවැනි තත්වයන් සෘජුවම බලපාන බවට නිරික්ෂනය වන බවද විගණනයේ දි අනාවරණය කොට ඇත.

Exit mobile version