නුවරඑළියේ අක්ෂි රෝගීන්ගේ පෙනීම නැතිවුනෙත් විෂබීජ සහිත ඉන්දියානු ප්‍රෙඩ්නිසොලෝන් ඖෂධයෙන් බව හෙළි වෙයි…

මාධ්‍යවල වාර්තා වුනේ  ප්‍රමාද වෙලා.. සැත්කම්  වෙන්නේ ජාතික අක්ෂිරෝහලේ රෝගීන්ට සංකූලතා ඇතිවන්නත් කලින්... අක්ෂි ශල්‍ය විශේෂඥවරු කියති!

නුවරඑළිය මහ රෝහලේ අක්ෂි ශල්‍යකර්මවලදී  පෙනීම නැතිවීම ඇතුළු සංකූලතාවයන්ට හේතු වී ඇත්තේ ජාතික අක්ෂි රෝහලේ සැත්කම් නැවැත්වූ  ඉන්දියානු ප්‍රෙඩ්නිසොලෝන් (Prednisolone) ඖෂධයම බව සෞඛ්‍ය අංශ පවසයි.

අක්ෂි ශල්‍යකර්මවලදී අනිවාර්යයෙන්ම භාවිතා කරන, ඇසට යොදන මෙම ඉන්දියානු ප්‍රෙඩ්නිසොලෝන් දියර  ඖෂධය  රජයට ලැබී තිබුණේ ඉන්දියානු ණය ආධාරය යටතේය.

මෙම ප්‍රෙඩ්නිසොලෝන් ඖෂධයේ  විෂබීජ ඇති බවට පරීක්ෂණ වාර්තාවලින් තහවුරු වූ බැවින්  මේ වනවිට එම ඖෂධය භාවිතයෙන් ඉවත් කර ඇති බව අක්ෂි ශල්‍ය විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපති අක්ෂි ශල්‍ය විශේෂඥ වෛද්‍ය කපිල බන්දුතිලක පවසයි.

කෙසේ වෙතත් අක්ෂි ශල්‍යකර්ම කළ රෝගීන් 10 දෙනෙකුගේ පෙනීම අහිමිවීම පිළිබඳ සිද්ධිය පිළිබඳ පැහැදිලි කිරීමක් කරන  අක්ෂි ශල්‍ය විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපතිවරයා    පවසන්නේ එම සිද්ධිය මාධ්‍ය ඔස්සේ ප්‍රමාද වී වාර්තා වූවක් බවත් එය සිදුවන්නේ  කොළඹ ජාතික අක්ෂි රෝහලෙන් වාර්තා වූ සිද්ධියට පෙර හෝ ඊට සමකාලීව   බවත්ය.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


එම සිද්ධියෙන් පසුව සිදුවූ දේ  පිළිබඳව ක්‍රමානුකූල පරීක්ෂණ පවත්වා  ගත යුතු පියවර ගෙන මේ වනවිට සාමාන්‍ය පරිදි අක්ෂි ශල්‍යකර්ම සිදුකරමින් පවතින බවද  එම ඖෂධය භාවිතයෙන් ඉවත් කර ඇති බව ද  විශේෂඥ වෛද්‍යවරයා ප්‍රකාශ කරයි.

Exit mobile version