නීතිය හදන ක්‍රියාත්මක කරන තැන්වල බහුතරය ක්‍රිස්තියානි මූලධර්මවාදීන්…

ජාත්‍යාන්තරයට යන්න කලින් කාදිනල්තුමා ජනාධිපතිවරයාට බලපෑම් කර රට තුළ මේ ප්‍රශ්නය විසඳගත යුතුයි.

Galagodaatte-Gnanasara-Thero

ගලගොඩඅත්තේ ඥානසාර හිමි

නීතිය හදන, ක්‍රියාත්මක කරන තැන්වලත්, විනිසුරු ආසනවලත් බහුතරය ක්‍රිස්තියානි ඉවෙන්ජලික බෝන් අගෙන් ව්‍යාපාරය කරපින්නා ගත් පිරිසක් බවත් ඔවුන්ට අවශ්‍ය බොදු බලවේග විනාශ කිරීම බවත් බොදුබල සේනා සංවිධානයේ  මහලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ පවසති.

උවහන්සේ මේ බව ප්‍රකාශ කරන්නේ ටෘත් විත් චමුදිත අන්තර්ජාල නාලිකාව සමග සංවාදයකට එක් වෙමිනි.

ලංකාව මේ වනවිට මූලධර්මවාදී කඳවුරු දෙකක හිරවී ඇති බව කියන උන්වහන්සේ ඒ ක්‍රිස්තියානි මූලධර්ම වාදී කඳවුර හා මුස්ලිම් මූලධර්මවාදී කඳවුර බව කියති. ලොව පුරා මුස්ලිම් ක්‍රිස්තියානි ගැටුම් ඇති වන්නේ මේ කඳවුරු දෙක අතර බවත්, මේ මූලධර්මවාදය පෝෂණය වීමට ඉඩහැරීම පිළිබඳ කාදිනල් තුමාත් වගකීම ගත යුතු බවත්,  රටක් ලෙස අප මේ වන්දි ගෙවමින් ඉන්නේ ඒ ගැටුමේ ප්‍රතිඵලයන්ට බවත් ඥාන සාරහිමියෝ පවසති.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


“ ජනාධිපතිතුමා ගැන විශ්වාසයක් අපට තියනවා. සෞභාග්‍යයේ දැක්ම වැඩසටහන හොඳයි.. කාදිනල් තුමාට තියෙන්නෙ ජාත්‍යාන්තරයට යන්න කෑ ගහන්න කලින් ජනාධිපතිවරයාට බලපෑම් කරලා මේ ගැටලුවලට විසඳුම් ලබා ගන්නා එකයි…“ තවදුරටත් කීහ.

Exit mobile version