අධිකරණයේ ස්වාධීනත්වයට බාධා කිරීමට විධායකයේ උත්සාහයන් පවතින බව ශ්රී ලංකා නීතිඥ සංගමයේ සභාපති සාලිය පීරිස් පවසයි.
“විධායකය නීතියට අවනත නොවන්නේ නම් මහජනතාව නීතියට අවනත වනු ඇතැයි අපට අපේක්ෂා කළ නොහැකියි. “ සාලිය පීරිස් කියයි.
මෙය විධායකය ලබාදුන් ඉතා නරක ආදර්ශයක් බවත් වෘත්තිකයන් ලෙස සියල්ලන්ම මීට එරෙහිව නැගී සිටිය යුතු බවත් ඔහු පෙන්වා දෙයි.