නීතිපති අලි බෙදන්න නීතිය නවලා… පාරිසරික යුක්ති කේන්ද්‍රයෙන් නීතිපතිට එන්තරවාසියක්…

රජයේ භාරයේ සිටි අලි පැටවුන් 14 දෙනකු හදිසියේ ගැසට් නිවේදනයක් අනුව යමින් චෝදනා ලත් පුද්ගලයන් වෙත ලබා දෙන ලෙසට අධිකරණයෙන් අවසර ඉල්ලීමට පියවර ගත් නීතිපතිවරයාට එරෙහිව තමන් එන්නතරවාසියක් යවන බවත් එම අධිකරණ ක්‍රියාවලියේදී මෙම අලි පැටවුන් නිදහස් කිරීමට තීන්දුව දුන් මහේස්ත්‍රාත් විනිසුරුවරයාද එක් පාර්ශ්වයක් විය හැකි බවත් පාරිසරික යුක්ති කේන්ද්‍රයේ සභාපති නීතීඥ රවීන්ද්‍රනාත් දාබරේ  පවසයි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අපරාධ නඩු විධාන සංග්‍රහයට අනුකූලව ගොනු කරන ලද අලි පැටවුන් නීති විරෝධීව සන්තකයේ තබා ගැනීම සම්බන්ධ නඩු කටයුතු හේතුවෙන් සත්වෝද්‍යාන දෙපාර්තමේන්තු භාරයේ අධිකරණ නියෝග මත රඳවා සිටි මෙම අලින් රඳවාගෙන සිටි බවට චෝදනා එල්ල වූ පුද්ගලයන් වෙතම යළි ලබා දෙන්නැයි පසුගියදා අලුත්කඩේ මහෙස්ත්‍රාත් අධිකරණයෙන් නියෝගයක් ලබා ගත් අතර මෙම නියෝගය ලබා දෙන ලෙස ඉල්ලීම් කළ නීතිපතිවරයා පවතින නිතිවලට පටහැනිව ක්‍රියා කර ඇති බවට ඔහු  චෝදනා කීය.

ඊයේ (09) පැවැති මාධ්‍ය හමුවක් අමතමින් කරුණු දැක්වූ නීතීඥවරයා තවදුරටත් සඳහන් කළේ මේ සඳහා නීතිපතිවරයා අධිකරණය වෙත ඉදිරිපත් කර ඇත්තේ අලි ඇතුන් සම්බන්ධයෙන් වන ජීවී රාජ්‍ය ඇමතිවරයා විසින් පසුගිය අගෝස්තු 19 වැනිදා නිකුත් කරන ලද අතිවිශේෂ ගැසට් නිවේදනයක් පදනම් කර ගනිමින් බව සඳහන් කළේය.


කැබිනට් අමාත්‍යවරයකු විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් ප්‍රකාශට පත් කළ යුතු බවත් එවැනි රෙගුලාසියක් අලුතින් පනවන්නේ නම් එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරිමේ අවශ්‍යතාවක් පවතින නමුත් එවැනි ක්‍රියාවලියකට යටත් නොවූ ගැසට් නිවේදනයක් පදනම් කරගෙන අලින් නිදහස් කර දෙන ලෙස ඉල්ලා සිටීම පිළිබඳව නිතිපතිවරයා වෙත සිය අප්‍රසාදය පළ කළේය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


එහිදී තවදුරටත් අදහස දැක්වූ රවීන්දනාත් දාබරේ මහතා සඳහන් කළේ මෙම තීරණය අභියෝගයට ලක් කරමින් ඉහළ උසාවියක නඩු පැවරීමට තමන් අදහස් කරන බවය.

Exit mobile version