නීතිඥ සංගමය ජූලි මස පුරා නික්තු කළ සියලුම ලේඛණවලට   විධායක කමිටුවේ ඒකමතික පූර්ණ අනුමැතිය…

ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ විධායක කමිටුව විසින් ජූලි මාසය පුරා  නිකුත් කරන ලද සියලු ම ප්‍රකාශ සහ ලිපි සඳහා ඊයේ (30) නීතිඥ සභාව රැස් වූ අවස්ථාවේ දී නීතිඥ මණ්ඩලයේ ඒකමතික අනුමැතිය ලැබී  තිබේ.

ඒ බව ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති ජනාධිපති නීතීඥ සාලිය පීරිස් විසින් ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් නිවේදනය කර  ඇත.

අදාල ට්විටර් පණිවිඩය මගින් ඔහු කියා සිටියේ මෙසේය.


“නීතිඥ සභාව යනු ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ   ඉහළ ම ආයතනයයි. සියලු ම ශාඛා සංගම්වලින් නීතිඥ කවුන්සිලයේ නියෝජිතයන් ඊට නම් කරනු ලැබේ. අද(30) පැවති රැස්වීමේදී 2022 ජූලි මාසය තුළ විධායක කමිටුව විසින් නිකුත් කරන ලද සියලු ම ප්‍රකාශ සහ ලිපි සඳහා නීතිඥ මණ්ඩලය ඒකමතිකව අනුමත කරන ලදී.” .

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මෙම ඒකමතික සම්මුතිය නීතිඥ මණ්ඩලය විසින් ගෙන ඇත්තේ ජන අරගලයේ පුරෝගාමී භූමිකාවක් කළ නීතිඥ සංගමයට අරගලයට ප්‍රතිපක්ෂ වූ නීති වෘත්තිකයන් අතලොස්සක් යම් විතර්ක ඇති කරන පසුබිමකය.

 

Exit mobile version