නීත්‍යානුකූලව ජපානයට හැටි

japan

ටෝකියෝ හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසින් සංවිධානය කරන ලද “නීත්‍යානුකූලව ජපානයට පැමිණෙන්නේ කෙසේද” යන මාතෘකාව යටතේ කොටස් හතරකින් යුත් පාඨමාලාවේ දෙවන අදියර 2021 මැයි 15 වන සෙනසුරාදා දින ඉතා සාර්ථකව පවත්වන ලදි.

මෙම වැඩසටහන “Online Technical Intern Training ජපාන ශාඛා‍වේ” වැඩසටහන් අධ්‍යක්ෂක සහ එම ආයතනයේ කාර්ය මණ්ඩලයේ ද සාමාන්‍යාධිකාරි IMJapan ආයතනයේ සහභාගිත්වයෙන් ද ශ්‍රී ලංකා විදේශ රැකියා නියුක්ති කාර්යාංශයේ නිළධාරින් හා තානාපති කාර්යාල කාර්ය මණ්ඩල නිළධාරින්ගේ සහභාගිත්වයෙන් පවත්වන ලදි.

නීත්‍යානුකූලව රක්ෂාවන්හි නිරත වීමට සහ අධ්‍යයාපනය හැදෑරීමට ජපානය ඉතා යෝග්‍ය ස්ථානයක් යන්න පිළිබදව ශ්‍රී ලාංකික සිසුන් දැනුවත් කිරීම සඳහා ශ්‍රී ලංකා තානාපති සහ තානාපති කාර්යාලයේ කොන්සියුලර් කටයුතු පිළිබද අමාත්‍ය රොෂාන් ගමගේ මහතා විසින් මෙම වැඩසටහන දියත් කරන ලදි.


ශ්‍රී ලංකාවේ පළාත් 9 ම සිසුන් හට සජීවීව මෙම වැඩසටහන සමග සම්බන්ධ විය හැකි වූ අතර ඊට උනන්දුවක් දක්වන ශ්‍රී ලාංකික සිසුන්ට ඔවුන්ගේ අත්දැකීම් බෙදාදීම සදහා ආදි ශිෂ්‍ය අභ්‍යාසලාභීන් ද එක්වීම ඉතා සුවිශේෂි සිදුවීමක් විය. මෙම වැඩසටහන මිනිත්තු 90 කට වඩා වැඩි කාලයක් පවත්වන ලද අතර ඵය ප්‍රශ්න හා පිළිතුරු සැසිවාරයකින් ඉතා සාර්ථකව අවසන් විය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


කොටස් හතරකින් යුත් මෙම වැඩසටහන් මාලාවේ තෙවන සැසිය 2021 ජුනි 06 දින ප.ව. 1.30 ට සජීවීව පැවැත්වේ. මෙම වැඩසටහනේ තේමාව වනුයේ “උනන්දුවක් දක්වන ශ්‍රී ලාංකික සිසුන් සදහා අධ්‍යාපන අවස්ථා සහ ජපානයේ ශිෂ්‍යත්ව අවස්ථා” යන්නයි. මෙම තානාපති කාර්යාලයේ නිල FB පිටුව, slemb.tokyo@mfa.gov.lk (විද්‍යුත් තැපෑල) සහ www.slembassyjapan.com මගින් සිසුන්ට මෙම වැඩසටහන සමගින් සජීවීව සම්බන්ධ විය හැක.

Exit mobile version