නීත්‍යානුකූලව කුවේට්වල ඉන්න කිසිම ශ්‍රී ලාංකිකයෙකුට ප්‍රශ්නයක් නෑ

කුවේට් තානාපති කාර්යාල ආරංචිමාර්ග කියයි

මේ වනවිට කුවේට් දේශය තුළ කොරෝනා ආසාදිතයන් 27,043 ක් වාර්තා වී ඇති බවත්, ඉන් 11,386 ක් සුව වී ඇති අතර, 212ක් මිය ගොස් ඇති බවත් ඒ අතර ශ්‍රී ලාංකියන් 3 දෙනෙක් සිටින බවත් කුවේට් තානාපති කාර්යාල ප්‍රකාශකයෙක් ලංකාසරට පැවසීය.

කුවේට් දේශයේ නීත්‍යානුකූලව ජීවත්වන කිසිම ශ්‍රී ලාංකිකයෙකුට ගැටලුවක් නොමැති බවත් පිට වීසා සහිතව හෝ නීත්‍යානුකූළ දනමකින් තොරව තාවකාලික රැකියා කරමින් සිටින පුද්ගලයන් මේ වනවිට ගැටලුවකට මැදි වී ඇති ඇති බවත් එම ප්‍රකාශකයා පැහැදිලි කළේය. සමහර පුද්ගලික ආයතනවල වැටුප් ගෙවීම් නැවතී තිබුණ අවස්ථා තිබුණ බවත් ඔවුන් ගැටලුවකට මැදි වී ඇති බවත් හෙතෙම තව දුරටත් කීවේය.

“ තානාපති කාර්යාල මට්ටමින් කළ හැකි හැම  දේම අප කරනවා.  ලංකා රජයේ අධාරත් ඇතිව   කුවේට් දේශයේ සුබසාධන  ව්‍යාපාර  සමග සහයෝගයෙන්  කළ හැකි උපරිමයෙන් ආධාර ලබා දෙනවා. සමහර ප්‍රදේශ ලොක් ඩවුන් කළාට පස්සෙ ආහාර සැපයුම් අඩාල වෙලා තිබුණා. ආහාර බෙදා දීමේ පෝලිම් තිබුණා. ඒ අවස්ථාවලදීත් කෑම හිඟයි කී විට අප එසේ කී අයව සොයාගෙන ගියා.


ඇත්තටම වෙලා තියෙන්නෙ මේ රටේ ලාංකිකයනුත් දේශපාලන පක්ෂ වශයෙන් සංවිධානගත වෙලා තියනවා. ඔවුන් ඒ ඒ අවස්ථා වාර්තා කරන්නෙ දේශපාලන දෘෂ්ටියකින්. ඒ නිසා සමාජයට නිවැරදිම තොරතුරු සම්ප්‍රේක්ෂණය වෙන්නෙ නෑ. අපි මොනවද කරන්නෙ කියලා හරියට ඒ තොරතුරුවලින් කියැවෙන්නෙ නෑ…“

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ඔහු වැඩිදුරටත් කීවේය.

 

 

Exit mobile version