නිරෝධායන නීති උල්ලංඝණය කරමින් පැවැත්වූ නුවර අධ්‍යාපන කඳවුරේ 58න් 31කට කොවිඩ්

නිරෝධායන නීති උල්ලංඝනය කරමින් කටුගස්තොට පොලිස් වසමේ මැදවල රණවන පාරේ පවත්වාගන ගිය අධ්‍යාපන කඳවුරක් පොලීසිය විසින් වටලා එම කඳවුරේ සිටි ගුරුවරුන් සිසු සිසුවියන් 58 දෙනෙකු එම ස්ථානයේම නිරෝධායන ලක් කිරීමෙන් අනතුරුව සිදුකරන ලද පි.සි.ආර්.පරීක්ෂණ මගින් එහි සිටි ගුරුවරුන් ඇතුළු සිසුසිසුවියන් 31 ක් දෙනෙකුට කෝවිඩ් වෛරස ආසාදනය වී තිබෙන බව තහවුරුව තිබේ.

නිරෝධායන නීති උල්ලංඝණය කරමින් මැදවල රණවන පාරේ නිවසක් තුළ අධ්‍යාපන කඳවුරක් පවත්වාගෙන යන බවට පොලිසියට ලද තොරතුරකට අනුව ඉකුත් 03 දින කටුගස්තොට පොලිසියේ පරිසර අංශයේ උප පොලිස් පරීක්ෂක අබේසිංහ මහතා ඇතුළු කණ්ඩායමක් විසින් අදාළ ස්ථානය වටලනු ලැබීය.

අපොස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන් සඳහා නේවාසික පුහුණු කඳවුරක් මෙම ස්ථානයේ පවත්වා ඇති අතර වැටලීම සිදුකළ අවස්ථා‍වේ එහි සිසු සිසුවියන් 52 දෙනෙකු සිට ඇත. සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන්ද සමඟ එකතු වී ගුරුවරුන්ද ඇතුළුව 58 දෙනකු යුත් පිරිසක් එම ස්ථානයේම නිරෝධායනයට ලක් කිරීමට පොලීසිය පියවර ගෙන තිබිණි. ඉන් අනතුරුව සිදුකරන ලද පි. සි. ආර්. පරීක්ෂණ මගින් එහි සිටි 31 දෙනෙකුට කොවිඩ් වෛරස ආසාදනය වී තිබෙන බව තහවුරුව ඇත.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මෙම පිරිස අතරින් රෝහල්ගත කළ යුතු රෝගීන් පිළිබඳව ඊයේ (15) සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් අදාළ ස්ථානයට ගොස් සොයා බලා ඇත.

Exit mobile version