නිරෝධායනය වූ දරුපැටවු සිතුවම් මවති

 

දිනසේන රතුගමගේ –

උතුරේ ආරක්ෂක කදවුරු වල පවත්වාගෙන ගිය නිරෝධායන මධ්‍යස්ථාන වලට පැමිණි කුඩා දරුවන් විසින් නිරෝධායන කාල සීමාවේ අදින ලද චිත්‍ර හා ඔවුන්ගේ නිර්මාණ සංරක්ෂණය කිරීමට ආරක්ෂක අංශ පියවර ගෙන තිබේ.

මේ මධ්‍යස්ථාන වලට පැමිණි දරුවන් විසින් ඉතා අගනා නිර්මාණ හා චිත්‍ර විශාල සංඛ්‍යාවක් ඔවුන්ගේ නිරෝධායන කාල සීමාව තුළදී නිර්මාණය කොට තිබේ.

උතුරේ ආරක්ෂක අංශ ප්‍රධානීන් පවසන්නේ කොරෝනා රෝගයේ ඇති භයානකකම හා ඉන්  මිදීමට අනුගමනය කල හැකි ක්‍රියාමාර්ග රැසක්ම මේ කුඩා දරුවන් විසින්  සිය නිර්මාණ වලට හා චිත්‍ර වලට ඇතුලත් කොට ඇති බවයි.


කොරෝනා වුවදුර මැඩ පැවැත්වීම සදහා ආරක්ෂක අංශ විසින් ඇප කැප වීමෙන් යුතුව කටයුතු කරණ අන්දමද මේ කුඩා දරුවන් විසින් චිත්‍රවලට නගා ඇති අතර බොහෝ නිර්මාණ වලටද ආරක්ෂක අංශ වල ක්‍රියාදාමයන් ඇතුළත් කොට තිබේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ දරුවන් විසින් කරණ ලද නිර්මාණ ඔවුන් විසින් ආරක්ෂක නිලධාරීන්ට බාර දීමෙන් පසුව ඒවා ඉතා සුරක්ෂිතව සංරක්ෂණය කිරීමට ආරක්ෂක අංශ පියවර ගෙන තිබේ.

 

Exit mobile version