නිරෝධායනය මුවාවෙන් රට ඉඳන් එන අය සුද්ද කරන ජාවාරමක්

කොවිඩ් වසංගත තත්වය පාලනය කිරීම සඳහා විදේශවල සිට පැමිණෙන පිරිස් නිරෝධායනය කිරිමේ ජාතික වැඩපිළිවෙළට එක් කරගෙන ඇති ප්‍රධාන පෙළේ සංචාරක හෝටල් කරුවන් පිරිසක් නිරෝධායනය වන පුද්ගලයන්ට අවශ්‍ය නිසි පහසුකම් නොදී ඔවුන්ව ගසාකෑමේ කූට ජාවාරමක නිරතවන ආකාරය ගැන තොරතුරු හෙළිවෙමින් තිබේ.

යුද හමුදාව හා රාජ්‍ය අංශය අතිශයින්ම විනයක් හා ගෞරවයක් සහිතව සියලු පහසුකම් ලබා දෙමින් නොමිලයේ නිරෝධායන කටයුතු කරද්දී එක පුද්ගලයෙක් සඳහා රුපියල් එක්ලක්ෂ පනස් දහසේ සිට ලක්ෂ දෙක දක්වා මුදලක් අය කරගනිමින් දින දහයක් පුරා හො දා හතරක් තිස්සේ කරන නිරෝධායනයේ දී මූලිකව මෙම පිරිස වෙත ලැබිය යුතු ආහාර හා ජලය පවා නොලැබෙන ආකාරය මේ වනවිට ඔවුහු පැමිණිලි කරමින් සිටිති.

මේ වනවිට නුවරඑළිය සුදු අරලිය හෝටලයේ නිරෝධායනය වෙමින් සිටින 295 දෙනෙකුගෙන් යුතු පිරිසක් මේ අලජ්ජී ගසා කෑම ගැන හෙළිදරව් කරමින් සිටිති.
මේ පිරිස ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවරින් සැප්.20 දින UL 605 ගුවන් යානයෙන් මත්තල ගුවන් තොටුපලට පැමිණ ඇත. ඔස්ට්‍රෙලියානු ශ්‍රි ලංකා තානාතපති කාර්යාලයේ උපදෙස් මත දින 10 නිරෝධායන කටයුතු වෙනුවෙන් එක් අයෙක් රුපියල් එක් ලක්ෂ අනූ අට දහස බැගින් ඇවන් ගාර්ඩ් සමාගමට ගෙවා තිබේ.


උදේට බාගෙට වේලුණු පිට්ටු ලුණු මිරිස් සමග… දිවා ආහාරය සහ ඩෙසර්ට්… මේ දිනකට රුපියල් 19000ක් නිරෝධායනය වෙනුවෙන් වැය කරන පුද්ගලයෙකුගේ ආහාර වේලය…

ඔවුන් මේ වනවිට තමන්ට ලැබෙන ආහාර හා පහසුකම් පිළිබඳව හෙළිදරවු කරමින් සිටින්නේ හමුදාව විසින් රටේ නිරෝධායන කටයුතු වෙනුවෙන් කරන පූර්ණ සේවය හා මේ නොසැලකීම් සංසදනය කරමිනි.
“ අපි සැප්තැම්බර් 21 උදෑසන 1.30ට පමණ තමයි මත්තලට ලගා වුනේ. ආගමන කටයුතු සහ PCR පරීක්ෂණ වලින් අනතුරුව එදින සවස 230 ට පමණ නුවරඑළිය අරලිය හෝටලයට ආවා. ඒ එන අත්අරමගදි පැය 1 1/2 පමණ බස්‍ රථ මග නවත්වාගෙන හිටියා.“

“ගුවන් තොටුපලෙන් බසයට නැගගත්තම ලබා දුන්නෙ කෑම පැකට් එකක් සහ වතුර බෝතලයක්. ඒක පිළුණු වෙලා. බස් එකේ හිටපු කාටවත් ඒක කන්න බැරි උනා. හෝටලය ලඟට ඇවිත් බසය තුළ තවත් පැය 2.00 ක් පමණ හිටියා. හෝටලයට ආවා. හවස තුනට විතර ආයෙත් බත් පැකට් එක්ක ලැබුණා. කට හරියෙ තියන්න බෑ.“
“සුදු අරලිය හෝටලයේ නිරෝධායන අත්දැකීම් සහිත පුද්ගලයෙක් අපට කීවේය. “

“අද උදේ කෑම හතට දුන්නා. දවල් දෙකයි කන්න ටික එවනකොට. ඔබට එවන්නම් කෑම වේලේ ෆොටෝ එක. එක දවසකට මේ ක්‍රියාවලියට අපෙන් රුපියල් දහ නව දාහක් අයකරන වග අමතක කරන්න හොඳ නෑ.“

මේ එක් පුද්ගලයෙක් නිරෝධායනය වෙනුවෙන් ගෙවන රුපියල් ලක්ෂ දෙකකට ආසන් මුදල හැරුණු කොට තනි ගමන් වාරයක් සඳහා ගුවන් ටිකට්පත වෙනුවෙන් ඔස්ට්‍රෙලියානු ඩොලර් 1550ක මුදලක් ගෙවා ලංකාවට පැමිණි අයය.

මේ නිරෝධායන කටයුත්ත මේ වකවානුවේ ලාභදායීම ව්‍යාපාරයකි. තරු හෝටල්වල නවත්නවා තරුපන්තියේ මිල අයකරන අතර කාමර සේවාව රහිතව, පවිත්‍ර සේවවාන් අවම කරගෙන, හෝලයේ පිහිනුම් තටාකය තහනම් කර, ඉතා අඩු සේවක මන්ඩලයකින් පවත්වාගෙන යන මේ හෝටල් තුළ සිදුවන නිරෝධාන කටයුත්තේ මූලික පිරිවැයක් දැරීමට සිදුවන්නේ ආහාර වෙනුවෙනි. සුදු අරලිය පාලනය ඒ පිරිවැයත් කපා දමා ඇත. මේ සම්බන්ධව මේ වනවිට හෝටල් පරිපාලනය වෙත මේ නිරෝධායන කණ්ඩායම විසින් පැමිණිලි කර තිබේ.

මේ අත්දැකීම වස්කඩුවේ සිට්‍රස් හෝටලයේ දී ලද විදේශගත ලාංකිකයෝ වෙති. මෙවන් නිරෝධායන අත්දැකීමකට මුහුණ දුන් විදේශිකයෝ යළි මේ රටට නොපැමිණෙන බව කියා යති.

පාසිකුඩා හෝටලයක නිරෝධායනයට යොමුකළ මැදපිරිදිග සිට පැමිණි කණ්ඩායමක් හෝටල් පරිපාලනය සමග ගැටෙන ආකාරය වීඩියෝ දර්ශන මගින් දැන් එළි දැක ඇත.

මේ සියලු දේ අපට යළි කියන්නේ යුද හමුදාවෙන් පිට පුද්ගලික අංශය වෙත පවරා ඇති නිරෝධායන වගකීම යළි සමාලෝචනය කළ යුතු බවය. එහි ඇති බරපතල හිඩස මින් පෙර මාතර කොරෝනා ආසාදිත රුසියානුවා පෙන්වා දුන්නේය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


දැන් සුදු අරලිය නුවරඑළියේ සිට ඒ කතාව තහවුරු කරයි. කොවිඩ් ව්‍යාපාරයක් නොව, ජාතික ව්‍යසනයක් බව මේ උදවිය තේරුම් ගැනීම වැදගත්ය.

 

Exit mobile version