නියෝජ්‍ය පොලිස්පති දේශබන්දුගෙන් පොලිසි 07කට පොල් අතු – කිතුල්බඩ නියෝගයක්!

රාජකාරි පසෙක තබා පොලිස් පොඩ්ඩො පොල් අතු කිතුල්බඩ හොයාගෙන ගම් පීරති...

කොළඹ  ගංගාරාමයේ වාර්ෂික නවම් මහ පෙරහරට සහභාගීවන අලි ඇතුන්ට ආහාර සඳහා අවශ්‍ය පොල් අතු සහ කිතුල් බඩ සැපයීම සඳහා කොළඹ සහ ගම්පහ කොට්ටාසයේ පොලිස් ස්ථාන හතක්  නම් කළද එම තොග ප්‍රමාණවතක් පරිදි ලබා නොදීම නිසා  අවශ්‍ය සම්පූර්ණ ප්‍රමාණය අද සවස දෙක වනවිට සැපයිය යුතු බවට බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්   විසින් අදාළ පොලිස් ස්ථානවලට ලිඛිතව නියෝග කර ඇති බව වාර්තා වේ.

ජ්‍යෙෂ්ඨ නියොජ පොලිස්පතිවරයා තම කොට්ඨාස භාර නිලධාරීන් හරහා මෙම නියෝගය නිකුත් කර ඇත්තේ පිලියන්දළ. කහතුඩුව, පූගොඩ, දොම්පේ ,බියගම, මීගහවත්ත , හොරණ හා මොරගහහේන පොලිස් ස්ථාන වෙතය. එයින් පිළියන්දළ කහතුඩුව  පූගොඩ සහ දොම්පේ පොලිස් ස්ථානවලින් පොල් අතු 500 බැගින් ගෙනැවිත් දෙන ලෙස නියෝග කර ඇතත් එයින් නියමිත පොල් අතු ප්‍රමාණය මුලදී සපයා ඇත්තේ පිළියන්දළ පොලිසිය පමණි.

කිතුල් බඩ  20 බැගින් සපයන ලෙස සැපයීම බියගම, මීගහවත්ත, හොරණ සහ මොරගහහේන පොල්ස් ස්ථානවලට  භාර දී ඇතත් එම නියෝගය අනුව බියගම පොලිසිය පමණක් කිතුල් බඩ 15ක් සපයා තිබුණි.


මෙම අමු පොල් අතු සහ කිතුල් බඩ ප්‍රමාණ ඊයේ (25) පස්වරු 4.00 වන විට වික්ටෝරියා උද්‍යානය අසළ ඇති ගංගාරාම මුරපොළ වෙත භාර දෙන ලෙස දන්වා තිබුණද ඒ වනවිට ප්‍රමාණවත් තොගයක් ලබා දීමට නොහැකි වූ බැවින් අද පස්වරු 2.00 වනවිට එම තොග ලබා දෙන ලෙසට නියෝග කර තිබේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ වනවිට කොවිඩ් වසංගතය හේතුවෙන් දැඩි අභියෝගාත්මක රාජකාරියක යෙදෙන  පොලිස් නිලධාරීන්ට තම දෛනික රාජකාරී පවා  කොවිඩ් හේතුවෙන් නිර්මාණය වූ තත්වය තුළ වැඩි වී ඇත.  එම අතිරේක රාජකාරීවලට අමතරව අලි අතුන් සඳහා පොල් අතු සහ කිතුල් බොඩ සෙවීමට විශාල වෙහෙසක් මහන්සියක් දරන්නට සිදුව ඇති බවත්     සැපයුම සිදු කර තිබියදී ඉල්ලූ ප්‍රමාණයම සැපයිය යුතු බවට කරන ලද නියොගය හේතුවෙන් තමන් දැඩි කලකිරීමකට සහ ආතතියකට පත්ව අති බවත්  ලංකාසරට තොරතුරු පැවසූ පොලිස් ආරංචි මාර්ග  සඳහන් කළේය.

 

Exit mobile version