ශ්‍රියානි විජේසිංහ –
වියළි කලාපය තුළ ජලමූලාශ්ර සිදී යාම හේතුවෙන් පානීය ජල පහසුකම් සපයා ගැනීමට නොහැකි වීම නිසා එළිමහනේ වැඩකරන ගොවි ජනතාවගේ ජල පරිභෝජනය සීඝ්‍රරයෙන් අඩුවි ඇති බවත්, එම පිරිස් වකුගඩු රෝගයන්ට ගොදුරුවීමේ දැඩි අවදානමක් මතු වී ඇති බවත් වසංගත රෝග විද්‍යා අංශයේ හිටපු අධ්යක්ෂ විශේෂඥ වෛද්‍ය නිහාල් අබේසිංහ සදහන් කරයි.
වියළි කලාපයේ බොහෝ ගොවි ජනතාව මේ වන විටත් වකුගඩු රෝගයන්ට ගොදුරු වී ඇති බැවින් ඔවුන්ගේ රෝග තත්ත්වයන් වර්ධනය වීමක් හා අලුතින් රෝගයට ගොදුරුවන පිරිසේ ඉහළ යාමක් සිදුවිය හැකි යැයිද හෙතෙමෙ පෙන්වාදේ.
වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් මේ වන විට ජල මූලාශ්‍ර බොහෝ දුරට සීදි ගොස් ඇති බැවින් ගොවි ජනතාවට ගොවිතැන් කීරිමට නොහැකිව එක් අතකින් පීඩාවට පත්වන අතර පානීය ජලය නොමැති වීමෙන් තවත් අතකින් විවිධ රෝගයන්ට ගොදුරුවෙමින් සිටින බව වෛද්‍ය අබේසිංහ පෙන්වාදේ.