නින්දිත ප්‍රහාරයට සාමකාමීව හා සන්සුන්ව පිළිතුරු දෙන්න… කාදිනල් හිමියෝ ජාතියෙන් ඉල්ලති…

Malcom-Ranjith

අගමැතිවරයාගේ අනුදැනුම සහිතව අරලියගහ මන්දිරයෙන් පිටත් වී පැමිණ  සාමකාමී අරගලකරුවන්ට එල්ල කළ මෙම ප්‍රහාරය පිළිබඳව තමන්වහන්සේ මවිත වුණු බවත්  එය    අතිශයින්ම නින්දිත ක්‍රියාවක් බවත් කොළඹ අගරදගුරු මැල්කම්  කාදිනල්  රන්ජිත් හිමිපානෝ පැවසූහ.

ප්‍රචන්ඩකාරී මැර පිරිස රටේ සියලු තැන්වලින් ගෙන්වා ඔවුන්ට මධ්‍යසාර පානය කිරීමට සලස්වා ස්වාධීන අවිහිංසාවාදී අරගලකරුවන්ට වෙත යොමු කර කළ  මේ   ප්‍රහාරය රජයේ පූර්ණ අනුදැනුම මත සිදුවූ දෙයක් බවත්   ප්‍රචන්ඩත්වයට ඉඩ දී  පොලිසිය බලාගෙන සිටි නින්දිත ආකාරය නින්දිත බවත් උන්වහන්සේ කීහ.

අගමැතිවරයා ඉල්ලා අස්වන බව ප්‍රකාශ කර ඇති අවස්ථාවක මෙවැනි අපරාධයක් සිදුකිරීම අතිශය පිළිකුල්සහගත යැයි කී කාදිනල් හිමියෝ ප්‍රචණ්ඩත්වයට නොයන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටියේය.

ප්‍රචන්ඩත්වයට සාමයෙන් සහ සංවරව  පිළිතුරු දෙන ලෙසත් ඒ සඳහා රටම අවිහිංසාවාදී විරෝධයකට පෙළ ගැසිය යුතු බවත් එතුමෝ පැවසූහ.


කාදිනල් හිමියන්ගේ සම්පූර්ණ ප්‍රකාශය පහත දැක්වේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


Exit mobile version