නිධානයකින් ගොඩගත් බව පැවසූ, රන් කාසි යැයි කී කාසි 257ක් සමග පුද්ගලයෙක් අත් අඩංගුවට

දිනසේන රතුගමගේ –

මන්නාරමේ නිධානයකින් ගොඩගත් බව කියාගත්,  රන් කාසි ලෙස හැදින් වූ කාසි 257 ක් අලෙවි කිරීමට ගිය පුද්ගලයෙකු මැයි මස 5 වෙනිදා දක්වා රිමාන්ඩ් බාරයේ තබන ලෙස මන්නාරම මහේස්ත්‍රාත්වරයා 24 දා පොලීසියට නියෝග කළේය.

මන්නාරමේ පොලිස් නිලධාරීන් විසින් මෙම පුද්ගලයා මන්නාරමේ පෙරියපණ්ඩිවිරිච්චාන් ප්‍රදේශයේදී අත් අඩංගුවට ගෙන තිබුණේ විකිණීම සඳහා එම රන් කාසි බව කියන කාසි මල්ලක් රැගෙන යමින් සිටියදීය.

තමන්ට මන්නාරමේ නිධානයකින් එම රන් කාසි ලබුණු බව කියමින් ඔහු එම කාසි කීප දෙනෙකුටම අලෙවි කිරීමට උත්සාහ කිරීමේදී මන්නාරම පොලීසියට ඒ පිළිබදව ලැබුණු තොරතුරක් මත  ඔහුව අත් අඩංගුවට ගෙන තිබුණි.


මෙම පුද්ගලයා මන්නාරම පෙරියපණ්ඩිවිරිච්චාන් ගම්මානයේ පදිංචිව  වයස අවුරුදු 23 ක තරුණයෙකි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මන්නාරම පොලීසිය සිද්ධිය පිළිබදව පරීක්ෂණ පවත්වා ගෙන යයි.

Exit mobile version