නිධන් හොරු සිතුල්පවුව මංගල සෑය බිඳ දමති…

සිතුල්පව්වේ පරිවාර  දාගැබක් වූ මගුල් මහා සෑය නිධන් හොරුන් විසින් බිඳ දමා ඇතැයි වාර්තා වේ.

සිතුල්පව්වේ ප්‍රධාන ස්ථූපය කාවන්තිස්ස රජු විසින් ඉදිකර ඇති බව සලකන අතර පරිවාර දාගැබ්  වසබ රජු දවස ඉදි කළ බව සැලකේ.

පස්දෙනෙකුගෙන් යුතු කණ්ඩායමක් මේ දාගැබ කඩා එහි නිදන්කර  ඇති පූජාවස්තු පැහැර ගැනීමට උත්සාහ කිරීමේ දී ඉන් එක් අයෙක් හමුදා නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන පොලිසියට භාර දී තිබේ. සිද්ධියට සම්බන්ධ ජිප් රථ රියදුරෙක් ද අත්අඩංගුවට ගෙන ඇත.


ඉතිරි සිවු දෙනා පලා ගොස් ඇති බව පොලිස් ආරංචි මාර්ග කියයි.

මේ පිළිබඳව සිදුකළ විමසීමක දී පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරනු ලැබුවේ සිද්ධිය පිළිබඳ නායක ස්වාමීන්වහන්සේ විසින් කළ දැනුම්වත් කිරීමකට අනුව මේ වන විට ස්ථානීය පරීක්ෂාවක් සඳහා ගමන් කරමින් සිටින බවය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


සිතුල්පව්ව   ක්‍රිස්තු පුර්වයේ සිටම රුහුණේ පැවති ඓතිහාසික බෞද්ධ සිද්ධස්ථාන අතරින් සිතුල්පව්ව රජ මහා විහාරයට ඉතා වැදගත්  ස්ථානයකි. සිතුල්පව්වේ ප්‍රධාන දාගැබ් වහන්සේ  කාවන්තිස්ස රජු විසින් ද පරිවාර දාගැබ්වහන්සේලා ක්‍රිස්තු පූර්ව පලවෙනි සියවසේ සිටි වසභ රජු විසින් ද ඉදිකර තිබේ.

 

 

 

Exit mobile version