නිදහස් දිනය විතරක් නොවෙයි… ලෝක පිළිකා දිනයත් අදයි… බෙහෙත් නැතිව මැරෙන්න අත්හළ රෝගීන් සමග රට පිළිකා දිනයත් සමරයි!

ශ්‍රියානි විජේසිංහ –                                             

උග්‍ර  ඖෂධ හිඟය මැද  අවාසනාවන්ත ලෙස රෝගීන් මිය යමින් සිටිය දී ශ්‍රී ලංකාවේ අපි අදට (4) යෙදී ඇති ලෝක පිළිකා  දිනය “සත්කාරයේ හිඩැස පුරවමු” යන්න තේමාව කර ගනිමින්  සමරමින් සිටිමු.

මේ වනවිට අපේක්ෂා රෝහලේ පිළිකා රෝගීන් සඳහා අත්‍යාවශ්‍ය ඖෂධ ලබා දිය හැක්කේ රෝගීන්ගෙන් තුනෙන් එකකට පමණක් බව අපේක්ෂා රෝහලේ ආරංචි මාර්ග සනාථ කළේය. 

වසර 2020 දත්තයන්ට අනුව ලංකාවේ  දිනකට පිළිකා රෝගීන් 105ක් සොයා ගත් බවත්,     පිළිකා හේතුවෙන් දිනකට මරණයට පත්වෙන සංඛ්‍යාව 46ක් බවත් පිළිකා රෝග විශේෂඥ වෛද්‍ය ඉෂානි ප්‍රනාන්දු සඳහන් කළාය.

ඇය පෙන්වා දෙන්නේ     පිළිකා රෝගීන්ගෙන් සියයට 50ක් දෙනා වාර්ෂිකව මරණය පත්වෙන බවය.  


කාන්තාවන් අතර බහුලව දක්නට ලැබෙන පිළිකාව වනුයේ පියයුරු පිළිකාව වන අරත එය කාන්තාවන් අතර දක්නට ලැබෙන පිළිකාවන්ගෙන් 1/3ක ප්‍රතිශතයක් නියෝජනය කරන බව   ඇය සදහන් කළාය.

වසර 2020දී පිළිකා රෝගීන් 38229ක් හදුනාගන්නා ලද අතර ඉන් 16691ක් මරණයට පත්ව අති අතර මෙසේ හදුනා ගත් පිළිකා රෝගීන්ගෙන් 20395ක්ම ගැහැණුන් වන අතර පිරිමි පුද්ගලයින්ගේ සංඛ්‍යාව 17834ක් බව හදුනාගෙන ඇත.

මේ මරණ සංඛ්‍යාව සිදුවන්නේ නිසි ඖෂධ ප්‍රතිකාර පිළිකා රෝගීන් වෙනුවෙන් පවත්වාගෙන ගිය කාලයේ දී බවත් මේ වනවිට එම මරණ ප්‍රමාණය ඊට වඩා වැඩිවී ඇතැයි නිරීක්ෂණය වන බවත් අපේක්ෂා රෝහලේ ආරංචි මාර්ග පෙන්වා දෙයි. 

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මැලේරියා, එච්අයිවී ඒ්ඩ්ස් හා ක්ෂය රෝගයන් හේතුවෙන් මරණයට පත්වෙන සංඛ්‍යාවක්  වඩා වැඩි සංඛ්‍යාවක්  පිළිකාව හේතුවෙන් මරණයට පත්වෙන බව සොයාගෙන ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය සදහන් කරන බවද ඇය පෙන්වාදේ.

Exit mobile version